විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් කරනු ලබන අනවශ්‍ය බලපෑම් සහ මැදිහත්වීම් නතර නොකළහොත් ස්ථිර ලෙසම එළඹෙන සතියේ දී වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) ලේකම් චාරුදත්ත ප්‍රකාශ කර ඇත.

ඒ කොළඹදී ඊයේ (24) දින පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඔහු පැවසුවේ විශ්වවිද්‍යාලවල උප කුලපතිවරු පත්කිරීම එදා සිටම පැවැති ආණ්ඩුවල අවශ්‍යතාව මත සිදුවුවද නව පනතින් එම තත්ත්වය පිටුදැකීමට අදාළව සාධනීය පියවර ගෙන ඇති බවයි.

එසේ වුවත් විශ්වවිද්‍යාලවලට පත්වන පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඕනෑම මො​හොතක ඉවත් කිරීමේ බලය නව පනත මඟින් පාලක සභා වෙත පවරා තිබීම බරපතළ ප්‍රශ්නයක් ලෙස ලේකම්වරයා පෙන්වා දෙයි.

ඒ අනුව මේ පිළිබඳව අගමැතිනි හරිනි අමරසූරිය සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වුවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ බලපෑම මත එම තීරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවට ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *