2026 වර්ෂයේ වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් සතිය සහ නිවාඩු දින සම්බන්ධයෙන් පවතින තත්ත්වය පැහැදිලි කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩල තීරණ සහ මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම් අනුව, 2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය සහ වෙසක් සතිය මැයි මස 27 වන දින සිට ජූනි මස 02 වන දින දක්වා ක්‍රියාත්මක වනු ඇති.
එමෙන්ම, 2026 වර්ෂයේ වෙසක් පොහොය දිනය ලෙස මැයි මස 01 වනදා (සිකුරාදා) ගැසට් පත්‍රය මගින් දැනටමත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, වෙසක් සැමරුම් කටයුතු මැයි 30 වන දිනට යෙදෙන පුර පසළොස්වක පොහොය දිනය මුල් කරගනිමින් සිදුකෙරෙන බැවින්, මීට පෙර මැයි 02 වන දිනට ලබා දීමට නියමිතව තිබූ නිවාඩුව මැයි මස 31 වන ඉරිදා දිනට ලබා දීමට තීරණය කර ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනය කරන්නේ.
එමෙන්ම, මැයි මස 31 වන දින ඉරිදා දිනයක් වුවද, පෙර අවස්ථාවලදී වෙසක් පොහොයට පසු දින ඉරිදා දිනයක් යෙදුණු විට නිවාඩු ලබා දුන් පූර්වාදර්ශ සැලකිල්ලට ගනිමින්, එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම තීරණය ගනු ලැබුවේ වෙසක් සතිය සහ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට අදාළ ආගමික කටයුතු වඩාත් විධිමත්ව සිදු කිරීම සඳහා බව අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාරගේ අත්සනින් යුත් නිවේදනයේ සඳහන්.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ අමාත්‍යාංශ නිවේදනය සහ ගැසට් නිවේදනය පහතින්,



