ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ පළමු තරගය මේවන රාවල්පින්ඩි හීදි පැවැත්වෙයි.
පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 299ක් රැස් කළේය.
එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සල්මන් ආගා නොදැවී ලකුණු 105ක් රැස්කළේය.
මොහොමඩ් නවාස් නොදැවී ලකුණු 36යි.
හුසේන් තලාත් ලකුණු 62ක් රැස්කළ අතර ෆකාර් සමාන් ලකුණු 32ක් රැස්කළේය.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 03ක් දවාගත්තේය.
තරගය ජයගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 300ක ඉලක්කයක් හිමිව තිබේ.



