ශිරන්තිට සහ නාමල්ට නැවතත් CID න් කැඳවීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ එළඹෙන 3 වන දින පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව සඳහන්.

ඒ අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැඳවා ඇත්තේ සිරිලිය සවිය ව්‍යාපෘතියට අඳාළව පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ගැනීමට යැයි ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඇයට මීට පෙර දිනයක පැමිණෙන ලෙස දැනුම්දී තිබුණත් එදිනට පැමිණිය නොහැකි බව පවසා ඇය ඒ වෙනුවෙන් වෙනත් දිනයක් ඉල්ලා තිබුණු බවට වාර්තා විය.

ඒ අනුව ලබන 3 වැනි දිනය ලබාදී ඇති බව සඳහන්. මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට එදිනම උදේ 9.30ට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුට එරෙහි පැමිණිල්ල කුමක්දැයි මෙතෙක් දැනුම් දී නොමැති බව සඳහන්.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *