සමනලයෙක් කියා ලැජ්ජා කළැයි ජපානයේදී ශ්‍රී ලාංකික සිසුවෙක් ම#රලා

ජපානයේ චිබා ප්රාන්තයේ නගරෙයාමා නගරයේ පිහිටි සමූහ නිවසකදී 21 හැවිරිදි ශ්රී ලාංකික සිසුවෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 18 හැවිරිදි තවත් ශ්රී ලාංකික සිසුවෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අගෝස්තු 11 වන අඟහරුවාදා උදෑසන 10:20 ට පමණ හිගාෂි-හට්සුෂි 3-චෝමේ ප්රදේශයේ පිහිටි නිවසකදී මෙම සිදුවීම සිදුව ඇති අතර, උදරයට තියුණු පිහි පහරක් ලක්වූ තරුණයා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ජපානයේ අධ්යාපනය ලබමින් සිටි ජයකොඩි ආරච්චිලාගේ ප්රවීන් ඉසුරු නමැති 21 හැවිරිදි ශ්රී ලාංකික තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිවසේම පදිංචිව සිටි 18 හැවිරිදි ශ්රී ලාංකික සිසුවෙක් බවයි වාර්තාවන්නේ.

ප්රහාරයෙන් අනතුරුව සැකකරු විසින්ම අංක 119 ඔස්සේ හදිසි සහන සේවා වෙත දැනුම් දී ඇති අතර, ස්ථානයට පැමිණි නගරෙයාමා පොලිස් නිලධාරීන් හමුවේ තමා පිහියෙන් ඇන බව පිළිගැනීමෙන් පසුව ඔහුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කළ තරුණයා මියයාමත් සමඟ සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්ය ඝාතන චෝදනා යටතේ විමර්ශන ඉදිරියට ගෙන යාමට පොලිසිය පියවර ගත් බව සදහන්.

පොලිස් ප්රශ්න කිරීම් හමුවේ ප්රකාශයක් ලබාදෙමින් සැකකාර 18 හැවිරිදි තරුණයා සඳහන් කර ඇත්තේ, මියගිය තරුණයා විසින් තමාට සමලිංගිකයෙකු යැයි පවසමින් අපහාස කිරීම, මවට බැන වැදීම සහ තමාට පහරදීම හේතුවෙන් ඇතිවූ කෝපය මත මෙම ප්රහාරය එල්ල කළ බවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *