සමාජ මාධ්‍ය කැළඹූ ෆේස්බුක් ලයිව් එක ගැන පොලිසියෙන් විමර්ශන

තරුණයෙක් විසින් සියදිවි හානිකරගන්නා අයුරු දැක්වෙන ෆේස්බුක් සජීවී වීඩියෝවක් සම්බන්ධව මේ වන විට මෙරට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ තරුණයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවී වීඩියෝවක් විකාශය වීමට සලස්වා ඔහු ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගන්න අයුරු එහි දැක්වෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කරන්දෙණිය, තල්ගවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තරුණයෙක්.

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, 119 හදිසි ඇමතුම් අංකය වෙත ලැබුණු පැමිණිල්ලක් මත කරන්දෙණිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙන බවයි.

සියදිවි නසාගත් තරුණයාගේ දේහය මේ වනවිට ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තන්පතර ඇති බවයි රන්දෙණිය පොලිසිය පැවසුවා.

තරුණයා මෙලෙස සියදිවි හානිකර ගැනීම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *