සර්ව ජන බලයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අබ්දුල් සමඩ් අත්අඩංගුවට

සර්ව ජන බලයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොහොමදු කාසිම් අබ්දුල් සමඩ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොළොන්නරුව ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට අදාළවයි.

පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියකට අදාළව පසුගිය 14 වැනිදා ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පහරකෑමෙන් අදාළ පුද්ගලයාගේ දත් කිහිපයක් කැඩී ඇති අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මෙම මන්ත්‍රීවරයා එදින අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරිනු ලැබුවා.

එම ගැටුම සිදුවන අවස්ථාවේ දී පුද්ගලයෙකු මියගොස් ඇති අතර එයට අදාළව චෝදනා එල්ල වූ මන්ත්‍රීවරයා පොලොන්නරුව පුලස්තිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *