සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරුන් ට වැදගත් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025(2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා (08) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අ.පො.ස. (සා.පෙළ) 2025(2026) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම 2025 දෙසැම්බර් 25 වනදා ආරම්භ කෙරුණු අතර, එලෙස ඉදිරිපත් කරන අයදුම්පත් ජනවාරි 08 වනදා දක්වා භාරගන්නා බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *