“අගමැති හරිනි මොඩියුල විශේෂඥවරියක නොවේ”

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මොඩියුල සම්බන්ධයෙන් විශේෂඥවරියක් නොවන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ පවසයි. ඇය පෙන්වා දුන්නේ, රජයක් ලෙස නිලධාරීන්ට අදාළ වගකීම් භාර දී ඇති බැවින් ඔවුන් තමන්ගේ වගකීම හරි හැටි මතක තබා ගත යුතු බව ය. කෙසේ නමුත්, මෙම හය වසරේ මොඩියුලය සම්බන්ධ කුමන්ත්‍රණය කඩිනමින් හෙළි කරන බව ද මන්ත්‍රිවරිය […]

සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරුන් ට වැදගත් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025(2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා (08) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අ.පො.ස. (සා.පෙළ) 2025(2026) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම […]

හරීන්ගේ නඩුව කල්යයි

පසුගිය මහ මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා අද (06) උදෑසන හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදි නඩුව කැඳවු බදුල්ල මහෙස්ත්‍රාත් උදිත් ගුණතිලක මහතා විසින් එම නඩුව මැයි මස 5 වනදා නැවත කැඳවන ලෙස නියෝග කළේය. මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු […]

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 03ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි. මේ අතර ඌව පළාතේත්, නුවරඑළිය, මාතලේ, පො‌ළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ […]

“මම තවමත් වෙනිසියුලාවේ ජනාධිපති” – මදුරෝ අධිකරණයේදී පවසයි

ඇමරිකානු හමුදා විසින් අත්අඩංගුවට ගෙන රඳවා සිටින වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තමන්ට එල්ල වී ඇති සියලුම චෝදනාවලට තමන් නිර්දෝෂී බව ඊයේ (05) නිව්යෝක් මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සෙනසුරාදා කැරකස් නුවරදී ඇමරිකානු හමුදා විසින් සිදුකළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබූ මදුරෝ, නිව්යෝර්ක්හි මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය […]

උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ. විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත් පත්‍රිකා විද්‍යුත් හෝ […]

ගලෙන්බිඳුණුවැව ඛේදවාචකයක්

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා ඇති අතර, ගින්නට හසුවී එම පුද්ගලයා සහ ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (06) අලුයම 2 පමණ ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත. ගින්නෙන් 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව […]

නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

මේ වසර සදහා පළමුවරට පාර්ලිමේන්තු සභාවාරය අද (06) රැස්වීව තිබේ.  ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. අද දිනයේදී ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතය.  ඊට අමතරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පසුගිය දෙසැම්බර් 28 වන දින අති […]