හිටපු ජනපති රනිල් සිංගප්පූරුවේ සැත්කමට ගොස් සතියක් සම්පූර්ණ වන විට වූ සුවිශේෂී සිදුවීම වන්නේ ඔහුගේ 77 වෙනි උපන් දිනය යෙදීමයි.
රනිල්ට අදාළ සැත්කම කරන ලද්දේ ශ්රී ලාංකික සම්භවයක් සහිත වෛද්ය සිවදාසන් විසින්.
ශ්රී ලංකාවේ 1983 කළු ජූලිය ඇති වූ අවස්ථාවේ ඔහු සිංගප්පූරුව බලා ගිය දක්ෂ වෛද්යවරයෙක්.
ඔහු ලෝකයේම හෘද සැත්කම්වලට සිටින ප්රමුඛ පෙළේ වෛද්යවරුන් අතරින් කෙනෙක් ලෙස නම් දරා සිටිනවා.
ගෝඨාභය ජනපති අපේක්ෂක ලෙස නම් කළ සමයේ ඔහුගේ හෘද සැත්කම සිදුකරන ලද්දේත්, හිටපු සෞඛ්ය ඇමති රාජිතගේ හෘද සැත්කම කළේත් මෙම ශ්රී ලාංකික සම්භවයක් සහිත වෛද්යවරයා විසින්.
මහාචාර්ය මෛත්රී වික්රමසිංහ, සොයුරු චන්න වික්රමසිංහ ඇතුළු පවුලේ සාමාජිකයින්ද රනිල් සමග සිංගප්පූරුවට ගියා.
සැත්කමින් සතියකට පසු චන්න ඇතුළු පවුලේ සාමාජිකයින් නැවත ලංකාවට පැමිණියා.
රෝහල් ගතව සිටි රනිල්ගේ සැප දුක් විමසීම සඳහා සභාපති වජිර, ජාතික සංවිධායක සාගල,වජිරගේ පුත් තීක්ෂණ අබේවර්ධන ද පසුව සිංගප්පූරුව බලා ගියා.
රනිල්ගේ උපන් දිනයේ යෙදුණු ඉකුත් 24 වැනිදා වජිර වෛද්යවරයාගේ අනුමැතිය පරිදි රෝහල් කාමරයට කේක් ගෙඩියක් ගෙන ගොස් චාම් උපන්දින සැමරුමක් සංවිධාන කළා.
මහාචාර්ය මෛත්රී,වජිර, සාගල තීක්ෂණ මෙන්ම වෛද්යවරයා පමණක් ඊට සහභාගී වුණා.
සැත්කමින් පසුව රනිල් මේ වන විට සුවය ලබමින් සිටිනවා.
සැත්කම සිදුකර සතියකින් පසු රනිල් රෝහලේ සාමාන්ය වාට්ටුවකට මාරු කෙරුණා.
සුව වෙමින් පවතින කාලයේදී වෛද්යවරයා රනිල්ට දුරකථන ඇමතුම් තහනම් කර තිබෙනවා.
අමුත්තන්ට ද බැහැ දැකීමද තහනම්.
ගුවන් ගමන් සඳහා සුදුසු සෞඛ්ය තත්ත්වයට පැමිණි සැණින් රනිල් යළි මව්බිමට පැමිණීමට නියමිතයි.
මේ අතර රනිල්ගේ සැත්කම කළ වෛද්යවරයාට වජිර සිංගප්පූරුවේදී දිවා භෝජන සංග්රහයක්ද පිරිනමා තිබෙන බව දැනගන්නට ලැබෙනවා.



