“සිස්ටම් චේන්ජ් එක හැමතැනටම හරියන්නේ නැහැ..”

පද්ධතිමය වෙනස්කම් සිදු කිරීම යහපත් වුවද, අධිකරණ පද්ධතියේ පවතින අනාදිමත් සම්ප්‍රදායන් සුරකිමින් අදාළ පත්වීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසනවා.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම සංගමයේ සභාපතිවරයා ඇතුළු නීතිඥවරුන් පිරිසක් පසුගියදා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී අදහස් දක්වමින් මෙය කියා සිටියා.

අධිකරණ පද්ධතිය යනු සාමාන්‍ය දෙපාර්තමේන්තුවක් හෝ සංස්ථාවක් ලෙස සලකා කටයුතු කළ නොහැකි, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම කොටසක් බව අමරසූරිය මහතා පෙන්වා දුන්නා.

යම් හෙයකින් නීති පද්ධතියේ හෝ ක්‍රියාවලියේ යම් අඩුපාඩුවක් පවතී නම් එය වෙනම සලකා බැලිය යුතු බවත්, එහෙත් පවතින යහපත් සම්ප්‍රදායන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඉවහල් වී ඇති බවත් ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ,

“මේ වෙනස්කම් කරනකොට සිස්ටම් චේන්ජ් කියන එක හොඳයි. නමුත් සිස්ටම් චේන්ජ් එක වෙන තැන් තියෙනවා. අපේ සමහර සම්ප්‍රදායන් ඒ කියන්නේ නීති කෘත්‍යයේ, නීති පද්ධතිය හොද නැත්තම් ඒක වෙනම දෙයක්. නමුත් ඒ සම්ප්‍රදාය අනුව ඒ සිස්ටම් එක බේරිලා තියෙනවා නම් මොකද අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ වෙන කෝපරේෂන් එකක් හරි ඩිපාර්ට්මන්ට් එකක් හරි කාර්යක්ෂම කරන ඒ විදිහටම සලකන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය කොටසක්. ඉතින් අපේ ඉල්ලීම ඒ පත්වීම් අපි කියලා තියෙනවා දෙන්න ඕනේ කියලා. නමුත් සම්ප්‍රදාය අනුව කරන්න කියලා ඉල්ලීමක් කරනවා.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *