රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය නීති විරෝධීව එකලස් කළ එකක් බවට චෝදනා ගොනු කර ඇති සුජීව අර්ජුන සේනසිංහ යන අයට එරෙහිව පනවා ඇති නඩුව ලබන 2026 වසරේ ජනවාරි මස 7 තෙක් කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අද (01) නියෝග කළා.
මූලික විරෝධතා සදහා නඩුව කැඳවීම සිදු කළ ද මූලික විරෝධතා ගොනු කර නොමැති බැවින් නඩුව විභාගයට නියම කිරීමට මහේස්ත්‍රාත් වරයා පියවර ගනු ලැබුවා.
නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර සුජීව සේනසිංහ විවෘත අධිකරණයේ පෙනී සිටියා.



