සෙනෙට් සභාවෙන් ට්‍රම්ප්ට තරවටුවක්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව දිගටම සතුරුකම් පැවැත්වීම වළක්වන යුද බලතල යෝජනාවක් එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අනුමත කර තිබෙනවා.

මෙම යෝජනාව 50-48 ඡන්දවලින් සම්මත වූ අතර මෙම මස මුලදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කළ මෙම පියවරට, ඉරානයට එරෙහිව හමුදා බලය යෙදවීම සඳහා ජනාධිපතිවරයාට කොංග්‍රසයේ අවසරය ලබා ගැනීමට අවශ්‍ය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

1973දී සම්මත වූ War Powers Resolution පනතෙන් පසු, ජනාධිපතිවරයෙකුට හමුදා මෙහෙයුම් නවත්වන්නැයි කොංග්‍රසයේ මණ්ඩල දෙකම එකඟව යෝජනාවක් සම්මත කළ පළමු අවස්ථාව මෙය වනවා.

කෙසේ වෙතත් මෙම යෝජනාව වහාම යුද්ධය නවත්වන නීතිමය බලයක් ඇති එකක් නොවන අතර, එය ප්‍රධාන වශයෙන් දේශපාලනික පණිවුඩයක් ලෙස සැලකේන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *