සෙවනගල සීනි කර්මාන්ත ශාලාව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීමට නියමිත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවසුවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (09) පාර්ලිමේන්තුවේදීයි.
එමෙන්ම මෙහිදී කිසිඳු සේවකයෙක් අවදානයට ලක්නොවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එහිදී ඔහු මෙසේද සඳහන් කළා.
”සෙවණගල සීනි ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ අරමුණ තියෙන්නේ රජයේ ආයතනයක් ලෙස මේක පවත්වාගෙන යන්න. නමුත් මේකේ තියෙන ඉඩම් වලින් සහ උපයෝජනය නොවුණු සම්පත්වලට පෞද්ගලික ආයෝජන කැඳවන්න කියලා එකඟතාවයකට අපි ඇවිත් තියෙනවා. රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවයකට ගිහින් මේකට අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්ද කියලා බලනවා සීනි කර්මාන්තය වැඩිදියුණු කරගන්න කියලා. ඒ ප්‍රතිපත්තියම තමයි කර්මාන්ත අමාත්‍යාංශයේ අනෙකුත් ව්‍යාපාරවලටත් තියෙන්නේ. ඒවා අද තියෙන තත්ත්වයෙන් එහාට ගන්න නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයට යන්න ඕන කියන ප්‍රතිපත්තියේ තමයි අපි වැඩ කරන්නේ.
ගොවියන්ට හරි එහි සේවය කරන අයට හරි කිසිම අවදානමක් නැහැ. අපි ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවයත්, නිෂ්පාදන ධාරිතාවත් සමස්ත ආයතනයට අරගෙන මේකේ කාර්යක්ෂම කරන වැඩ පිළිවෙල තමයි මේ වෙලාවේ යොමුවෙලා ඉන්නෙ. මම හිතන්නේ කිසිම කෙනෙක් අවදානයට ලක් වෙන්න ඕනේ නැහැ. ඒක ජනාධිපතිතුමාත් මුදල් අමාත්‍යංශයත් අවබෝධයෙන් තමයි වසරක ඩිවලොප්මන් ප්ලෑන් එකකට යන්නේ.”



