ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපතිත්වයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කර තිබේ.
දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව මේ වන විට කොළඹදී පැවැත්වෙන අතර එහිදී එම සමුළුවේ සභාපතිත්වයට (වසරක කාලයක් සඳහා) අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරීපත්ව තිබේ.
කලාපයේ සෞඛ්‍ය අභියෝග ජයගැනීමට සියලු දෙනා එක්විය යුතු බවත් ශ්‍රී ලංකාව එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයට නිරතුරු සහාය ලබාදී ඇති බවත් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කර තිබේ.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හංසක විජේමුණි සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ඊට එක්ව සිටී



