පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (28) නියෝග කළා.
ඒ, මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරික්ෂණය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.
මෙම සිද්ධියේ දෙවැනි සැකකරු අද (28) අධිකරණය හමුවේ පෙනි සිටියා. එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු සිද්ධියේ දෙවැනි සැකකරු ලෙසට නම් කළා.



