නඳුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර බන්ධනාගාරය තුළදී ඊයේ (22) ගැටුමක් ඇතිවී තිබෙනවා.
එහිදී ‘කෙහෙල්බද්දර පද්මේ’ සුළු තුවාල ලබා ඇති අතර, ඔහු රෝහල්ගත කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.



