අදින් ආරම්භ වූ තෙවන පාසල්වාරයේ දී 6 සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස නිකුත් කර ඇති උපදෙස් අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලුම විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.
තෙවන පාසල්වාරය සදහා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙසටයි මීට පෙර එම අමාත්‍යංශය දැනුම් දී තිබුනේ.
කෙසේ වෙතත් එම උපදෙස් අනිවාර්යනේ ක්‍රියාත්මක කරන ලෙස අද යළිත්වරක් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.
දිවයිනට බලපෑ ආපදා හේතුවෙන් කල්දැමුණු, තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර අද ආරම්භ වුණා.
කෙසේ වෙතත්, ඌව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල පාසල් 640 ක් අද විවෘත නොකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.



