ඩියෝල්ට කොලොප්පම් කළ ලාබාට වැඩ වරදියි

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයේදී ICC ආචාර ධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් දකුණු අප්‍රිකානු වමත් දඟපන්දු යවන ක්‍රීඩිකා නොන්කුලුලෙකෝ ලාබාට දඬුවම් ලකුණක් නියම කර ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ICCය සඳහන් කළේ, ඉන්දීය ක්‍රීඩිකා හාර්ලීන් ඩියෝල්ව දවාගැනීමෙන් පසු ලාබා “දැඩි අපහාසාත්මක කඩුලු සැමරුමක්” සිදුකර ඇති බව තහවුරු වූ බවය. පසුගිය 9 […]

බිමල්ගේ ජාමේ බේරූ කතානායක

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් කිරීම සම්බන්ධයෙන් සභානායකවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කර නොමැති බව කථානායක ජගත් වික්‍රමරත්න ඊයේ (10) නිවේදනය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පසුගිය ඔක්තෝබර් 07 වන දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කාරණයක් සම්බන්ධයෙන් තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කථානායකවරයා මේ බව පැවසීය. පාර්ලිමේන්තුමන්ත්‍රී දයාසිරි ජයසේකර එහිදී චෝදනා කර […]

නිසාම් කාරියප්පර්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිෂාම් කාරියප්පර්ට එරෙහිව පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ගෙන ඒමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී කරන ලදැයි කියන ප්‍රකාශයක් ප්‍රසිද්ධ කළ බවට නිෂාම් කාරියප්පර් මන්ත්‍රීවරයාට එරෙහිව ආණ්ඩුව මගින් චෝදනාවක් එල්ල කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විජිත හේරත්, වසන්ත සමරසිංහ යන අමාත්‍යවරුන් […]

පොලිසියට දුන් ප්‍රකාශයක් ප්‍රසිද්ධ කිරීම වරදක්

තමා ලබාදුන් සාක්ෂි ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන බව ජාතික නිදහස් පෙරමු‍ණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා. පක්ෂ මූලස්ථානයේ අද (11) පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සඳහා නීතිමය පියවර ගැනීමට සිය නීතිඥයන් සමග සාකච්ඡා කරන බවයි. පුවක්දණ්ඩාවේ සනා නැමැති පුද්ගලයාගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව, ජාතික […]

පළාත් සභා ඡන්දය තියන්න රටේ නීතියක් නෑ – මැ.කො

පළාත් සභා ඡන්දය තබන්නට රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. තිබුණු නීතිය අහෝසි කරන ලද බවත්, ඒ වෙනුවට සකසමින් තිබූ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නැවතී ඇති බවත් සඳහන් කළ කොමසාරිස් ජෙනරාල්වරයා ඒ පිළිබඳව මුළුමනින්ම වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට බව ද අවධාරණය කළා . එබැවින් ව්‍යවස්ථාදායකය ඒ පිළිබඳව තීන්දුවක් […]

විදුලි ගාස්තුව ගැන කොමිසමේ අවසන් තීරණය 14 වනදා

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14 වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවය. ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවල නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම […]

තොටළඟ කන්නාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 39 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන “තොටළඟ කන්නා” නමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන වහාම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඊයේ (11) නියෝගයක් නිකුත් කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ […]

ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද

කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීකට් කණ්ඩායම සහභාගී වන තවත් තරගයන් අද (11) පැවැත්වෙනවා. ඒ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගයි. තරගය පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී ආරම්භ වනවා. ඉන්දියාව සමග පැවති තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වූ අතර, ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමග කණ්ඩායම් 02කටම එක් ලකුණ […]

ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්

චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර සිටියේ තාක්ෂණික නිෂ්පාදනයන්ට අවශ්‍ය ඛනිජ වර්ග සඳහා චීනය විසින් දැඩි අපනයන පාලනයන් පැනවීම හමුවේ මෙලෙස තීරු බදු පැනවීමට තමා තීරණය කළ […]