පොලිසියට දුන් ප්‍රකාශයක් ප්‍රසිද්ධ කිරීම වරදක්

තමා ලබාදුන් සාක්ෂි ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන බව ජාතික නිදහස් පෙරමු‍ණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.

පක්ෂ මූලස්ථානයේ අද (11) පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සඳහා නීතිමය පියවර ගැනීමට සිය නීතිඥයන් සමග සාකච්ඡා කරන බවයි.

පුවක්දණ්ඩාවේ සනා නැමැති පුද්ගලයාගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිදුකරන ලද ප්‍රකාශවලට අදාළව පෙරේදා මොහුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට කැඳවා තිබුණා.

හිටපු අමාත්‍යවරයා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මොහු පුවක්දණ්ඩාවේ සනා නැමැති පුද්ගලයාගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව, ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සිදුකරන ලද ප්‍රකාශවලට අදාළව කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් පෙරේදා ප්‍රකාශ ලබාදුන් අවස්ථාවේ ඉදිරිපත් කර නොමැති බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදුකරනු ඇති බවයි එම කොට්ඨාසය සඳහන් කළේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *