ගල්කිස්ස පොලීසියේ PC පිළියන්දලට මාරු

ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකු සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර තිබේ. අද (14) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම ලබාදී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් කළේය.  ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ලවී රක්ෂිත […]

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අද

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය අද (14) පෙරවරුවේ ප්‍රකාශයට කිරීමට නියමිතව තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට මෙවර යෝජනා කර ඇති බවයි එම කොමිසම දැනුම් දුන්නේ.විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මහජන උපයෝගීතා කොමිසම විසින් පසුගිය සැප්තැම්බර් 18 වනදා ආරම්භ කරනු […]

සජබ එජාප එක් කරන සාකච්ඡා පලක් නෑ – පලනි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක පක්ෂයක් ලෙස එක් කිරීමට සාකච්ඡා පැවැත්වූද එම සාකච්ඡා කිසි දිනෙක සාර්ථක නොවන බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසනවා. පලනි දිගම්බරම් නායකත්වය දරණ කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී […]

ඇමති වසන්ත ජිනීවා යන්න සුදානමින්

ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසිවාරය (UNCTAD)සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගිවීමට නියමිතය. එය ඔක්තෝබර් මස 15 වන දින සිට 20 වන දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත් වෙන අතර ඒ සඳහා ඇමතිවරයා සමඟ […]

මෙරටට පැමිණෙන විදේශිකයන්ට ETA අනිවාර්ය කෙරේ

රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ‍හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්යය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට පැමි‍ණීමේ දී නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින් ඒ අනුව මෙම අවසර පත්‍රය ලබාගත […]

ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන රටින් පළා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, මොවුන් අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතමයෙකු ද සිටින බවටයි පොලිසිය සඳහන් කළේ. නඩු කටයුත්තක් […]