රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (14) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි. 2025 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික්කය තුළ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු […]

‘රටම එකට’ ජාතික මෙහෙයුමට කැබිනට් අනුමැතිය

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ පුළුල් මහජන සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගත් මුලපිරීමක් වන “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී […]

අගමැති හරිනි චීන ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායක් දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.  අද(14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහාශාලාවේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවූ අවස්ථාවේ චීන ජනපතිවරයා මේ බව කියා සිටියේය. චීනය හා ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිතුදම, කලක සිට පවතින්නක් වන අතර, සාම සහජීවන පංචශීලී ප්‍රතිපත්තිය මත […]

කැබිනට් සංශෝධනය සිදුවන තුරු දන්නෙත් නෑ – ලාල් කාන්ත

කැබිනට් සංශෝධනයක් පිළිබඳව එය ප්‍රකාශයට පත් කරන තුරු කිසිවෙකුත් දැන නොසිටි බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි. ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් සිය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (14) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. “ආණ්ඩුව ඇතුළේ කිසිදු අර්බුදයක් නැහැ. ආණ්ඩුව ඇතුළේ හොඳ අපූරුවට පවතින බව මේකෙන් හොඳින් පැහැදිලි වනවා.” යැයිද […]

මැඩගස්කර් ජනපති රටින් පලායයි

මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රැජොයෙලිනා රටින් පලාගොස් ඇති බව තහවුරු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. මෙම ඉවත් වීම සිදුවූයේජනතා විරෝධය මධ්‍යයේ දේශපාලන අර්බුදය උත්සන්න වී ඇති පසුබිමකයි. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සමඟ ඇති කරගත් ගිවිසුමකින්පසුව ඔහු දේශපාලන රැකවරණ පතා ප්‍රංශයට පලාගොස් ඇති බවට එරට වාර්තාවක් අනාවරණය කරනවා. කෙසේ වෙතත්, ප්‍රංශ බලධාරීන් අවධාරණය කළේසැප්තැම්බර් 25 සිට […]

ඉෂාරා රටින් පැන්න හැටි එළියට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ අද (14) දහවල් කාලයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මේ අතර, රටින් […]

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්නට ඇප

රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබේ. අද (14) පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු සළකා බැලූ කුරුණෑගල මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ. අලව්ව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත […]

අගමැති සහ චීන අගමැති අතර හමුවක්

මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැති ආචාර්ය හරිනි අමරසූරිය , බීජිංහිදී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang මහතා හමුවී තිබේ. මෙම හමුව අතරතුර, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට චීනය කළ ආරාධනය සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළකර ඇත. අග්‍රාමාත්‍යවරිය […]

කතරගම ගොඩනැඟිල්ල ගැන හිටපු ජනපති ගෝඨාභයගෙන් ෆේස්බුක් සටහනක්

කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් තමාට අයත් බවට ඇතැම් මාධ්‍ය විසින් වරදවා පළ කර ඇතැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත. – උපුටාගැනීම –  කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදි කර ඇති ගොඩනැගිල්ලක් මා හට […]

විදුලි බිලේ වෙනසක් නෑ

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බව එම කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවකට […]