ජාතික බුද්ධි සේවයේ නව ප්‍රධානියා නලින්ද නියංගොඩ

නව ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් පත් කරන ලද මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ අද (28) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී නව ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය. මේජර් ජෙනරල් නියංගොඩ මහතා ඊයේ (27) ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ […]
මහින්ද හිටපු නිවස මහාධිකරණයකට ?

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධකා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, නව මහාධිකරණ 04ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින පහත සඳහන් ලිපිනයන්වල පිහිටි ගොඩනැගිලි, අධිකරණ සහ […]
අධිවේගයේ වාහනවල ආසන පටි පැළඳීම ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

අධිවෙිගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැලඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර අත. අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු දිනෙන් […]
රාජ්‍ය සේවයට අලුතින් 8,547ක්

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමරාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඵ් ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම […]
පාර්ලිමේන්තුවේ කුස්සියෙත් විරෝධතා

පාර්ලිමේන්තුවේ වැටුප් ප්‍රතිව්‍යුහගතකරණයේදී තමන්ව නොසලකා හැර ඇති බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ මුල් තැන්ගෙයි හි සේවකයෝ ඊයේ (27) විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා. මෙම විරෝධතාවය හේතුවෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ මුල්තැන්ගෙයි කටයුතුවලට බාධා එල්ල වූ බව එම සේවකයෝ පවසයි. පාර්ලිමේන්තුවේ ආපනශාලා සහ ගෘහපාලක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට විරුද්ධව මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වා ඇත. තම වැටුප් ප්‍රශ්නය විසඳන ලෙස අවස්ථා කිහිපයකදී […]
ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට අපහාසකළ ඉන්දීය ඇමතිට විරෝධය

එක්දින කාන්තා ලෝක කුසලානයට සහභාගි වී සිටින අතරතුර දී ලිංගික හිංසනයට ලක් වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනාව විවේචනය කළ ඉන්දීය ප්‍රාන්ත අමාත්‍යවරයෙකුට එරෙහිව ලොව පුරා මේ වනවිට දැවැන්ත විරෝධයක් ඇතිව තිබේ. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා ඉන්දෝර්හි පිහිටි අවන්හලකට ගොස් ඔවුන් නැවතී සිටින හෝටලයට ආපසු යමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් ඔවුන්ව ලුහුබැඳගොස් ‘නුසුදුසු ලෙස ස්පර්ශ’ කර තිබේ. කෙසේ නමුත් මෙම […]
රන් මිල ලක්ෂ 3න් පහළට

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස දැක්වුණි. මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් ඇත. පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් […]
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ […]
ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම යයි

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ. ඒ මහතා ඊයේ (27) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජාතික බුද්ධි ප්‍රධානී ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදි. ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් වනිගසූරිය සිය වෘත්තීය ජීවිතය පුරාවට විශිෂ්ඨ අන්දමින් සේවයකළ නිලධාරියෙකි. ඔහු ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරමින්, රටේ බුද්ධි ජාලය […]
පින්තූර ගත්තේ පද්මේ පාතාලයෙක් කියලා නොදැනයි..

කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකතනයෙන් සොයාගත් ඡායාරූප සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ කැඳවීමකට අනුව ඇය ඊයේ (27) එහි පැමිණ තිබුණාය. මෙයට පෙර මේ සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මියගෙන්ද ප්‍රශ්න කර තිබුණි. තවත් රංගන ශිල්පිනියන් තිදෙනකුගෙන් […]