මහින්ද හිටපු නිවස මහාධිකරණයකට ?

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධකා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, නව මහාධිකරණ 04ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින පහත සඳහන් ලිපිනයන්වල පිහිටි ගොඩනැගිලි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධකා අමාත්‍යාංශය වෙත භාර දීම සඳහා සිය අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක B 108, විජේරාම පාර, කොළඹ 07, අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07 යන ස්ථාන ලබා ගන්නා බවයි සඳහන් වන්නේ.

 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *