නිලධාරීන් තිදෙනෙකුට අපහාස කළාට කෝප් කමිටුව කනස්සල්ලෙන්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති නිශාන්ත සමරවීර මහතා අද (13) COPE සහ පාර්ලිමේන්තුව යන දෙකටම අපහාස කළ බවට චෝදනා කරමින් පිරිමි නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තා නිලධාරිනියකට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සමරවීර මහතා පැවසුවේ සුදුසු ක්‍රියාමාර්ග සඳහා නිලධාරීන් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඉදිරියට […]
මහ කන්නයේ පොහොර සහනාධාරය ගැන දැනුම්දීමක්

පොහොර සනාධාරය නොලැබීමට හෝ ප්‍රමාද වීමට කිසිදු හේතුවක් නොමැති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි. ඔහු පවසන්නේ පොහොර සහනාධාරය ලබාදීම සදහා ප්‍රමාණවත් මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව පවතින බවය. මහ කන්නයේ පොහොර සහනාධාර වැඩසටහන පසුගිය 30වැනිදා ආරම්භ කළ බවත් ඒ යටතේ එක් වී වගාකරුවෙකුට රුපියල් 25,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීම සිදු කරන […]
පුටින් දෙසැම්බර් 05 වැනිදා ඉන්දියාවට?

රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින්ගේ ඉන්දීය සංචාරය සිදුවන බව ක්‍රෙම්ලිනය තහවුරු කර තිබෙනවා. ඒ අනුව රුසියානු රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ ලබන දෙසැම්බර් මාසයේදී පුටින්ගේ ඉන්දීය සංචාරය සිදු කෙරෙන බවයි. ඇතැම් ජනමාධ්‍ය වාර්තා අනුව පුටින් දෙසැම්බර් 05 වනදා නවදිල්ලියට ළඟාවීමට නියමිතව තිබෙනවා. මේ අතර ක්‍රෙම්ලිනය නිවේදනය කර ඇත්තේ මෙම වසර අවසන් වීමට […]
රාජ්‍ය තාන්ත්‍රිකයින් 5ක් අක්තපත්‍ර භාරදෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (13) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර භාර දී තිබේ. කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාටින් මහත්මිය, නෙදර්ලන්ත රාජධානියේ තානාපති වීබේ ජැකෝබ් ඩී බෝයර් මහතා, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත් මහතා මෙලෙස අක්තපත්‍ර භාර දී ඇත. එමෙන්ම ඇල්ජීරියානු මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති […]
අරගලයේ වන්දි හොර පාරෙන් ගත්තායැයි, චෝදනා කරමින් පෙත්සමක්

2022 වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. පාරිසරික […]
නවදිල්ලියට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් ?

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ස්ථාන හයක් ඉලක්ක කර සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සම්බන්ධව තොරතුරු අනාවරණ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන 17 වැනි සියවසට අයත් රතු බලකොටුව ආසන්නයේ පසුගිය දහවන දා පස්වරුවේදී සිදු වූ ප්‍රබල පිපිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මඟින් මෙම ත්‍රස්ත ප්‍රහාර […]
ආණ්ඩු විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා දීමයි – නාමල් රාජපක්ෂ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසූවේ, විපක්ෂයේ […]
මම දැන් ‘දුඹුරු සීනි පියා’ – සුනිල් හඳුන්නෙත්ති

නුගේගොඩ පිහිටි අලෙවිසැල නිර්මාණය කළේ, සියළුම උක් ආශ්‍රිත සියලු නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. එම අලෙවිසැල සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් විශාල ප්‍රචාරයක් ලබා දුන් බවත්, එම ප්‍රචාරය කොතෙක් දුරට ගොස් ඇත්ද කියනවා නම්, තමාට දැන් ආමන්ත්‍රණය කරන්නේ ‘දුඹුරු සීනි පියා’ ලෙසට බවයි අද (13) අයවැය විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. තමන්ට […]
තුසිත හල්ලොලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (13) වරෙන්තු නිකුත් කර තිබේ. නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටි. මෙම නඩුව අද […]
උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ආරක්ෂක බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අදාළ සාකච්ඡාව පැවති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. එහිදී, ඉඩම් සම්බන්ධයෙන් වන සීමා නැවත සකස් කිරීම, අවසන් කිරීම, නිදහස් කිරීමට ප්‍රමුඛතාව දිය යුතු ඉඩම් කොටස් තීරණය කිරීම සහ ඒ සම්බන්ධ පරිපාලනමය බාධාවලට […]