ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ආරක්ෂක බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අදාළ සාකච්ඡාව පැවති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
එහිදී, ඉඩම් සම්බන්ධයෙන් වන සීමා නැවත සකස් කිරීම, අවසන් කිරීම, නිදහස් කිරීමට ප්‍රමුඛතාව දිය යුතු ඉඩම් කොටස් තීරණය කිරීම සහ ඒ සම්බන්ධ පරිපාලනමය බාධාවලට පිළියම් සෙවීම පිළිබඳව අවධානය යොමු වූ බවයි සඳහන් වන්නේ.
අත්‍යවශ්‍ය ආරක්‍ෂක යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි, නීත්‍යානුකූල අයිතිවාසිකම් සහිත ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත නැවත ලැබීම සහතික කෙරෙන විනිවිදභාවයෙන් යුතු හා සාධාරණ ක්‍රියාවලියක් ඇති කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.
මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



