21 රැලියට හිටපු ජනපති මහින්දත් එයි

එළැඹෙන 21 වැනිදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැලිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්වීමට නියමිතව තිබේ. සිය උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ වර්ථමාන ආණ්ඩුව සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවන් […]

ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය වන අද (18) විවාදයට ගැණුනු ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂය (103) වැඩි ඡන්ද 92කින් සංශෝධන සහිතව සම්මත විය. කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අද ප.ව 6.50 ට පමණ සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සදහා […]

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් මරුට

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී අද (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. අද පස්වරු 6.55ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධියෙන් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 68 සහ 59 වියේ පසුවන අඹුසැමි යුවළකි.

”ගැටලුව විසඳුනා.. දැන් උද්ඝෝෂණය කරන්නේ ඇයි?”

ත්‍රිකුණාමලයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්මින් ජනාධිපතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “මේ පිළිබඳව මම දැනටමත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට කිව්වා මොකක්ද වුණේ කියලා වාර්තාවක් එවන්න කියලා… මම වාර්තාවක් කැඳවලා […]

සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් රිමාන්ඩ්

වයස අවුරුදු 14ක සිසුවෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු දෙසැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව මහෙස්ත්‍රාත්වරයා අද (18) නියෝග කර තිබේ. එමෙනම් මෙම සිදුවීම වසන් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාව ලක්ෂ දෙකක ශරීර ඇප 2ක් මත නිදහස් කිරීමටත් මෙහිදි නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.  මොරටුව පොලිස් […]

“මේ කරපු තුප්පැහි බලු වැඩේට මං මේ ආණ්ඩුව පෙරළනවාමයි මතක තියාගන්න..”

සර්ව ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පළමු අවස්ථාවේදීම රජය පරාජය කරන බවට ප්‍රතිඥා දුන්නේය. පාර්ලිමේන්තුව අමතමින් ජයවීර ජාතික ජනතා බලවේග පක්ෂය හෙළා දකිමින් සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන මුදුන්කොටුව ‘මිලදී ගෙන’ ඇති බවට චෝදනා කළේය. “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඔබට අවශ්‍ය වෙනස මෙයද? ඔබ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වූ පිරිසිදු දේශපාලන සංස්කෘතිය මෙයද?” ඔහු ප්‍රශ්න කළේය. […]

සීතාවක සර්වජන මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට එරෙහිව  චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සර්වජන බලය තීරණය කර තිබේ. පක්ෂ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව ලිපියක් අදාළ මන්ත්‍රීවරයා වෙත නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත. ඒ අනුව අද (18) පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට පටහැනිව යමින් […]

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය ගැන ඇමති නලින්ද කරුණු කියයි

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමේ දී පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සිදුවීම්දාමයක එක් තැනකින් වෙන්කර එතැන් සිට ප්‍රශ්න […]

සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය NPPයට

පළාත් පාලන මැතිවරණය අවසන් වී මාස 06කට පසුව අද සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සිදුකෙරුණි. ඒ, ජාතික ජන බලවේගය විසින්ය. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිඳු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සමස්ත ආසන සංඛ්‍යාවෙන් 50%කට වැඩි සංඛ්‍යාවක් දිනාගැනීමට හැකිවුණේ නොමැත. එහිදි වත්මන් ආණ්ඩු බලය හිමි ජාතික ජනබලවේගය ආසන 23ක් දිනාගැනීමට සමත් වූ […]

වනිඳුගේ අබාධය නිසා වියස්කාන්ත් විස්සයි විස්ස සංචිතයට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පාකිස්තානයේ පැවැත්වෙන T20I තුන්කොන් තරඟාවලිය සඳහා ජාතික පිරිමි සංචිතයට පා දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර ඇත. ඔහු කටාර් සිට කෙලින්ම පාකිස්තානයට යනු ඇත, කටාර්හිදී ඔහු ‘ආසියානු කුසලාන රයිසින් ස්ටාර්ස්’ තරඟාවලියට තරඟ කරන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සංචිතයේ කොටසක් විය. වනිඳු හසරංග එක්දින තරඟාවලියේදී ඇති වූ කලවා මාංශ […]