ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි

රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අද (18) දින අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඇය මෙලෙස අද දින ජීවිතක්ෂයට පත්ව ඇත. මියයන විය 68 වන වියේ පසුවූ චිත්‍රා කළුබෝවිල මහත්මිය මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ නොමැකෙන නාමයක් දිනාගත් තැනැත්තියකි. දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම්දීමට නියමිතය.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා 2025-06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබුණි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ‘ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ […]

පාතාලය හා සබඳතා පවත්වන දේශපාලනඥයින් ගැන විමර්ශන ඇරඹෙයි

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඊට සම්බන්ධ පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පාතාලය හා සම්බන්ධ දේශපාලකයන් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (18) පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවය. එසේම, […]

චාමරට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව ගොනුකර තිබෙන පැමිණිල්ලක් ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.  මෙම පැමිණිල්ල අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ, මෙම […]

GMOA වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී සිය ගැටලු සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් නොලැබුණු බවය. ලබන වසරේ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ […]

අඹුසැමි ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

වාකරේ, උරියංකට්ටුව ප්‍රදේශයේ දී විවාහක තරුණියකව ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 22 ක් වූ තට්ටමුණෙයි ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඊයේ (17) සවස් කාලයේ  බිරිඳ හා සැමියා අතර ඇතිවූ ආරවුලක් මත සැමියා විසින් විදුලි පංකාවක වයරයකින් ඇයගේ ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණයට වී තිබේ. ඉන් පසුව සැමියා ද වස පානය කර ඇති […]

‘පහර දීමේ නඩුව සමථයකට එන්න බෑ’

පසුගිය ඔක්තෝබර් මස 10 වන දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළ දී පොලිස් කොස්තාපල්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක අතර ඇති වූ සිද්ධියට අදාළව තමන්ට සමථ විය නොහැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඊයේ (නොවැ. 17) කියා සිටියහ. පසුගිය නොවැම්බර් 8 වන දා සමථ මූල මණ්ඩලය වෙත දෙපාර්ශ්වය ම කැඳවා තිබුණ […]

බලෙන් රැගෙන ගිය බුදු පිළිමය පොලිසිය යළි වැඩමවයි

ත්‍රිකුණාමලය කොටුව පාර, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව පසුගිය ඉරිදා (නොවැ. 16) භික්ෂුන් වහන්සේන්ගේ සහ පුදේශයේ ජනතාවගේ දැඩි විරෝධය මැද බලහත්කාරයෙන් පොලිසිය විසින් පිටතට වැඩමවාගෙන ගිය බුද්ධ ප්‍රතිමාව යළින් ඊයේ සවස පොලිසිය විසින් එම ස්ථානයට වැඩම කරවීමෙන් පසුව ඒ පිළිබඳව ඇති වූ උණුසුම්කාරී තත්ත්වය සමනය විණි. පසුගිය ඉරිදා මධ්‍යම රාත්‍රියේ මෙම බුදු පිළිමය […]

බෙන්තොට වෙරළේ කිලෝ විස්සක මත්ද්‍රව්‍ය ගෝනියක්

බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. එම පාර්සලය වෙරළට ගසාගෙන ගොස් ඇති අතර එය අද උදෑසන පොලිසිය විසින් සොයානෙ ඇති බව වාර්තා වෙයි.