ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් ගුවන් නියමුවා ජීවිතක්ෂයට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී අද (30) පස්වරුවේ ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. වින්ග් කමාන්ඩර්වරයෙකු වූ ඔහු මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවූ ගුවන් නියමුවෙක්ය. මෙම අවාසනාවන්ත අනතුරට මුහුණපෑවේ බෙල් […]

“මිය ගිය අයට පුළුවන් නම් පණ දෙනවා.. ඉතාම කෙටි කාලෙකින් රට ගොඩ දානවා.. “

පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කරගනිමින්, වේගවත්, කාර්යක්ෂම, යළි ගොඩනැංවීමක් සඳහා අවශ්‍ය වෙන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාවයන් වෙනුවෙන් හදිසි නීතිය පැන වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.  මෙම හදිසි නීතිය ආපදා කළමනාකරණයට ලක්කර ගැනීම සහ කාර්යක්ෂමව රට ගොඩනැගීම සඳහා ඉවහල් කරගන්නවා ඇරුණු කොට වෙනත් කිසිඳු මර්දනීය  ක්‍රියාදාමයක් වෙනුවෙන් උපයෝගී කර නොගන්නා බවද ජනාධිපතිවරයා […]

හෙලිකොප්ටර් අනතුරින් තුවාල ලැබූ ගුවන් නියමුවන් රෝහලට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වූ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබේ. බෙල් 212 වර්ගයේ යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයකදීය.  ආපදා හේතුවෙන් විපතටපත්ව සිටින ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන සේවා ලබාදීමට අද (30) පෙරවරුවේ සිටම ගුවන් හමුදාව විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී. ලුණුවිල, ගිංඔයට බෙල් […]

ජනපති අනුර අද රාත්‍රියේ ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (30) දින පස්වරු 08.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. මෙම විශේෂ ප්‍රකාශය මගින්, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම ව්‍යසනය සහ රටේ ඉදිරි අනාගතය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැක්ම ඉදිරිපත් කරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

බවුසර හිරවෙයි.. තෙල් හිගවෙයි..

කොළොන්නාවේ සිට හැටන් කොටගල ඛණිජ තෙල් නීති ගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කල බවුසර් රථ ඉන්ධන ගොඩබැමෙන් පසු එම බවුසර් රථ දින ගණනක් තිස්සේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ගාල් කර ඇත. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයම විශාල පසු කදු ගණනාවක් ප්‍රධාන මාර්ගයට කඩා වැටී මාර්ගය අවහිර වීම නිසා තමන්ට […]

ගංවතුර සහ නායයෑම් අවදානම තවදුරටත්

අධික වැසි තත්ත්වය පහව ගොස් තිබුණද, ගංවතුර සහ නායයෑම් අවදානම තවදුරටත් පවතින බැවින් මහජනතාව නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ඉල්ලා සිටී. අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ, මධ්‍යම කඳුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු අධික ජලය ටිකෙන් ටික පහළට ගමන් කරමින් පවතින බැවින්, ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් […]

ආපදාවට පත් පුද්ගලයකුට දිනකට රුපියල් 300යි

රට පුරා පවතින දරුණු ගංවතුර හා නායයෑම් ව්‍යසනය හමුවේ අසරණ වූ ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් වෙන් කර ඇති දෛනික දීමනාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් තිබේ. අවතැන් වූ ජනතාවට අවම ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාමට සහායදීම වෙනුවෙන් රජයෙන් වෙන් කෙරෙන දීමනා ඇතුළත් මීට අදාළ නිල නිවේදන 2ක් මේ වන විට ප්‍රසිද්ධව […]

උසස් පෙළ ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නැතුව කල් යයි

අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාගයන් දින නියමයකින් තොරව කල් දමා තිබේ. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගනු ලැබූ බවය. ඒ අනුව අදාළ විභාග පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළාය. කොමසාරිස්වරිය පැවසුවේ විදුලිය බිඳ වැටීම සහ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් මේ […]

ආපදා මරණ 193යි – 228ක් අතුරුදන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව මේ වනවිට 193ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 228 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර අලුත්ම වාර්තාවේ සඳහන්ය. මේ වනවිට පවුල් 266,114කට අයත් පුද්ගලයින් 968,304ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) උදෑසන 11.30 […]

කැලණි /වික්ටෝරියා වේලි බිඳී යන කතාව බොරුවක්..

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන “කැළණිමුල්ල ප්‍රදේශයේ වේල්ල කඩාගෙන යන බවට” වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, පැතිර යන මෙම පණිවිඩය ව්‍යාජ පණිවිඩයක් (Fake Message) බවයි. එමෙන්ම, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ කලාපයේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ ප්‍රකාශ කළේ, එවැනි ආකාරයේ අවදානම් තත්ත්වයක් කිසිසේත් නොමැති බවයි. […]