සමාජ මාධ්ය ඔස්සේ පැතිර යන “කැළණිමුල්ල ප්රදේශයේ වේල්ල කඩාගෙන යන බවට” වන පුවත සම්පූර්ණයෙන්ම අසත්ය පුවතක් බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
වාරිමාර්ග අධ්යක්ෂවරයා සඳහන් කළේ, පැතිර යන මෙම පණිවිඩය ව්යාජ පණිවිඩයක් (Fake Message) බවයි.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ කලාපයේ වාරිමාර්ග අධ්යක්ෂ, ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ ප්රකාශ කළේ, එවැනි ආකාරයේ අවදානම් තත්ත්වයක් කිසිසේත් නොමැති බවයි.
සමාජ මාධ්යවල අවදානමක් ලෙස පෙන්වා දී ඇති ස්ථානයේ පැවතියේ සුළු වතුර කාන්දුවක් පමණක් බවත්, ඒ සඳහා අවශ්ය පියවර දැනටමත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති බවද ඇය මෙහිදී තහවුරු කළා.
වැඩිදුරටත්, ගංවතුර ආරක්ෂණ වේල්ල පුපුරා යාමේ හෝ හානියක් සිදු වීමේ අවදානමක් නොමැති බව අවධාරණය කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව, අසත්ය තොරතුරු සම්බන්ධයෙන් අනවශ්ය ලෙස කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
තවද, වික්ටෝරියා වේල්ල කැඩී යන බවට වන ප්රචාර අසත්ය බවත්, වික්ටෝරියා බලාගාරයේ ජනන යන්ත්ර තුනම පද්ධතියට සම්බන්ධව සාමාන්ය පරිදි විදුලි ජනන කටයුතු සිදු කරමින් පවතින බවත් වික්ටෝරියා විදුලි බලාගාරයේ ප්රධාන ඉංජිනේරු ජී.ඩී.අයි. ශාන්ත පවසනවා.
එමෙන්ම, බලාගාරයේ කටයුතුවලට කිසිදු අනතුරුදායක තත්ත්වයක් නොමැති බවත් ඔහු එහිදී අවධාරණය කරනු ලැබුවා.



