චම්පිකගේ පෙත්සම කැඳවීමට දින දෙයි

අපරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බරපතල රිය අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම ජනවාරි මස 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. පාඨලී චම්පික […]
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2017-2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව වෙත ඉන්දන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමට සිදු වීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන […]
ඌව පළාතේ පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්

දිට්වා සුළි කුණාටුවත් සමග දිවයිනට බලපෑ ආපදා තත්ත්වයන් හමුවේ ඌව පළාතේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ දිනයන් දෙකක් යටතේ ඌව පළාතේ පාසල් යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවය. ඒ අනුව දැඩි ලෙස ආපදාවන්ට ලක් වූ […]
“ශ්‍රී.ල.නි.පයේ තනතුරු බෙදන්න මට හොරෙන් මේගොල්ලෝ සාකච්ඡා තිබ්බා”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරය තමාටත් හොරෙන් දයාසිරි ජයසේකර මහතාට ලබාදීමට පක්ෂයේ ප්‍රධානීන් සැලසුම් කර තිබු බවට එම පක්ෂයේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා චෝදනා කරයි. ජාතික සංවිධායක ධූරය පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වයද ඔහුට ලබා දීමට සැලසුම් කර තිබූ බව හෙතෙම අනාවරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ […]
නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු විවෘත කෙරේ

දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු ගමනා ගමනය සඳහා අද (15) විවෘත කෙරිණි. නයායෑම නිසා මාර්ගයට වැටී තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇති අතර, මාර්ගයට ඉහලින් පස්කන්ද නායයාමේ අවදානමක් පවතින නිසා ඒ සඳහා ස්ථිර විසදුම් ලබා දෙනතුරු ගමනාගමනයට හැකිවන ආකාරයෙන් ආරක්ෂිතව මාර්ගය නිර්මාණය කර ඇති බව වාර්තා […]
නොවැම්බර් ප්‍රවේශ පත්‍රයෙන් දෙසැම්බර් මාසයේත් පාසල් යාමට සිසුන්ට අවස්ථාව

පාසල් පැමිණෙන දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් මේ මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී ඇත. ඒ අනුව පසුගිය මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර එම පහසුකම ලබා ගත හැකි බව ද ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. මේ අතර ආපදා තත්වය […]
මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, බදුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක් අස්ථාවර අඩියක

බරපතළ නාය යෑමට ලක් වූ ප්‍රදේශ අවට බෑවුම් සියල්ල අස්ථාවර තත්ත්වයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉන්ජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන පැවසීය. ඇති වූ ආපදා තත්ත්වයත් සමග නාය යෑමට ලක් වූ ස්ථානවල බෑවුම් ප්‍රදේශවල නාය යෑමේ පෙර සලකුණු වශයෙන් පැල්මකට, ඉරිතැළීමකට, ලක්ව ඇති බව ත් මෙම ප්‍රදේශවල සිදුවන හානිය අවම කිරීමට ඉන්ජිනේරු ක්‍රම […]
මුජිබර් ගැන සොයමින් CIDය නෑදෑ ගෙවල්වලට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියාගත් කණ්ඩායමක් තමා බිය වැද්දීමේ අරමුණින් තම ඥාති නිවෙස්වලට පැමිණ විවිධ ප්‍රශ්න කිරීම් කරන්නට පටන් ගෙන ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මුජිබර් රහුමාන් පැවසීය. මේ සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව මන්ත්‍රිවරයා කීය. මෙය තමා අනියම් ආකාරයෙන් බිය වැද්දීමේ අරමුණින් කරන ලද ක්‍රියාවක් හැටියට සැක කරන බව […]
බොන්ඩයි වෙරළේ වෙඩික්කරුවන් පිය – පුතු බව හෙළිවෙයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩයි වෙරළ තීරයේ යුදෙව් ආගමික උත්සවයක් ඉලක්ක කරමින් එල්ල කළ වෙඩි ප්‍රහාරය පිය – පුතු දෙපලක් විසින් සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පොලිස් වෙඩි පහරින් මියගිය පියාගේ වයස අවුරුදු 50 ක් වන අතර බරපතල තුවාල ලැබූ නවීඩ් අක්‍රම් නමැති පුත්‍රයා 24 හැවිරිදි වියේ පසුවන බවයි. එමෙන්ම […]
ආපදාවෙන් වැසුණු පාසල් හෙට යළි ඇරඹේ

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද(15) කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු පාසල් 147ක් හෙට දිනයේ දී යළි ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව […]