පුලතිසිපුර මිනීමැරුම සම්බන්ධයෙන් සර්ව ජන බලයේ මන්ත්‍රී රිමාන්ඩ්

සර්ව ජන බලයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොහොමදු කාසිම් අබ්දුල් සමඩ් ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ මන්ත්‍රීවරයා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. පොළොන්නරුව ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව ඔහු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. පසුගිය දිනෙක ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවාසීන් පිරිසක් සහාය ඉල්ලා මන්ත්‍රීවරයා වෙත පැමිණි විට ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමක් […]
මහනුවර මහාමයා විදුහල දින නියමයක් නොමැතිව වැසේ

අධික වර්ෂාවත් සමඟ මහනුවර මහාමායා විදුහලට ඉහළින් ඇති රජ පිහිල්ල මාවත ස්ථාන කිහිපයකින් නාය යෑමට ලක්වීම හේතුවෙන් පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා විදුහල දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා. මහනුවර මහාමායා බාලිකා විදුහල පසුගිය 16 වැනි දින ආරම්භ කළ බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් රජ පිහිල්ල මාවත පරීක්ෂා කිරීමෙන් පසු වැසි තත්ත්වයත් සමඟ […]
‘දිට්වා’ ගැන සොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලයි

ආපදා තත්ත්වයට පෙර සූදානමක් නොමැතිවීම ගැන පූර්ණ අධ්‍යනයක් සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු 25 දෙනෙකුගේ අත්සන් සහිත යෝජනාවක් කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ. භාර දී ඇති ලිපියේ සඳහන් වන්නේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය ලෙස සැළකෙන දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ජීවිත හානි, දේපළ හානි […]
“ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා”

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (18) පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂය අනියත බියක් සමාජය ඉදිරියේ මවාපෑමට උත්සාහ ගන්නා බවය. ගෑස් ආනයනය සඳහා නව සමාගමක් ටෙන්ඩර් පටිපාටිය මඟින් සොයාගත් බවත් ඒ අනුව එම සමාගයේ පළමු ගෑස් නැව ජනවාරි මස 5 වනදා […]
119 අවභාවිත නොකරන්නැයි පොලිසියෙන් දැනුම්දීමක්

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වා ගැනීම හා මහජනයාට අවශ්‍ය කෙටි දුරකථන අංකයන් සම්බන්ධව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ‘119’ ක්ෂණික දුරකථන ඇමතුම් සේවාව වෙත වාර්තා වන ඇමතුම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලිවලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් ක්ෂණික සේවාවන් වෙත යොමු කළ යුතු […]
මහ ලේකම් ධූරයෙන් ජීවන් ඉල්ලා අස්වීමේ සූදානමක

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට තිරණය කර ඇති බවට වාර්තා වෙයි.ඒ සදහා ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කැඳවන ලෙස එම පක්ෂයේ උප සභාපතිවරුන් කිහිප දෙනෙකුටම දුරකථනය ඔස්සේ දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය දරන ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය […]
තවත් එන්නත් වර්ග 9ක් භාවිතය තහනම් කරයි

ප්‍රශ්නගත ඉන්දියානු සමාගමක් මගින් ආනයනය කරන ලද ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග දහයක් වහාම භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත. ආරක්ෂාව සහ අවදානම් ඇඟවීමේ උපකමිටු තීරණවලට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබුණු අඛණ්ඩ, අහිතකර ඖෂධ ප්‍රතික්‍රියා වාර්තා සහ මහනුවර ජාතික රෝහලේ උපදේශක ක්ෂුද්‍රජීව විද්‍යාඥයාගේ මූලික විමර්ශන වාර්තා ද පදනම් කරගෙන […]
පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ. පාර්ලිමේන්තුවේදී අද (18) නිවේදනය කරමින් ඒ මහතා මේ බව පැවසීය. ඒ අනුව, කථානායකවරයා සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් […]
නාමල්ගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරියේ කැඳවයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදූරුගොඩ මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා විසින් නඩුවට අදාළ ලේඛන සමහරක් විත්තියේ නීතිඥවරු වෙත ලබා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය […]
රන්වලගේ අනතුර වෙලාවේ පොලිසිය රාජකාරිය පැහැර හැරලා

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදුකළ බවය. එම විමර්ශනයේ […]