මහනුවර මහාමයා විදුහල දින නියමයක් නොමැතිව වැසේ

අධික වර්ෂාවත් සමඟ මහනුවර මහාමායා විදුහලට ඉහළින් ඇති රජ පිහිල්ල මාවත ස්ථාන කිහිපයකින් නාය යෑමට ලක්වීම හේතුවෙන් පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා විදුහල දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මහනුවර මහාමායා බාලිකා විදුහල පසුගිය 16 වැනි දින ආරම්භ කළ බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් රජ පිහිල්ල මාවත පරීක්ෂා කිරීමෙන් පසු වැසි තත්ත්වයත් සමඟ පාසලට ඉහළින් ඇති කොටස නාය යෑමේ අවධානමක් පවතින බව දැනුම් දුන් බවත් විදුහල්පති ශෂිකලා සේනාධීර පැවසුවා.

මහාමායා බාලිකාවට ඉහළින් රජ පිහිල්ල මාවත දක්වා ඇති කඳු සහිත කොටසේ හෝටල් හා නිවාස ගණනාවක් පවතින අතර යම් හේතුවකින් නාය යෑමක් සිදු වුවහොත් එම ගොඩනැගිලි ද පාසලේ ගොඩනැගිලි මතට කඩා වැටීමේ දැඩි අවධානමක් මතුව තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *