‘දිට්වා’ හානි කළ නිවාස සඳහා තට්ටු නිවාස

“දිට්වා” සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා නිවාස සංකීර්ණ ස්ථාපිත කරදීමට සැලසුම් සකස්කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්ය සුසිල් රණසිංහ මහතා පවසයි. අද (22) එම අමාත්යාංශයේ පැවති මාධ්ය හමුවක් අමතමින් අමාත්යවරයා පැවසුවේ මේ වනවිටත් දිස්ත්රික් ලේකම්වරුන් හරහා ඒ සඳහා විකල්ප ඉඩම් හඳුනාගෙන ඇති බවය. එමෙන්ම කෙටි කාලයක් තුල ආපදාවට ලක් වූ ජනතාවගේ […]
නාකොටික් පොලිෂ් කරයි!

පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසක් මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වමින් කෝටිපතියන් වී ඇති බවට ලැබී ඇති තොරතුරු මත එම කාර්යාංශයේ 400 කට අධික සියලුම නිලධාරීන්ගේ වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ ආකාරයට මත්ද්රව්ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පැවැත්වූ බවට එල්ල වී තිබෙන චෝදනා මත එම කාර්යාංශයේ […]
ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට : චීනයේ තුන්වන ප්රබලයා හෙට එයි

ඉන්දීය විදේශ අමාත්ය එස් ජයශංකර් නිල සංචාරයක් සඳහා අද (22) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ මෙරට විපතට පත් ජනතාව සඳහා ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන්. ආපදාවට පත්වූ මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුමේ තවත් පියවරක් සනිටුහන් කිරීම, ජයශංකර්ගේ සංචාරයේ තවත් අරමුණක් වනවා. මේ අතර, චීනයේ, ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ […]
සිරිමාවෝ බාලිකාවේ අර්බුදය ගැන ආදි ශිෂ්ය සංගමයෙන් නිවේදනයක්

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්යාලයේ පසුගියදා (19) පැවැති වාර්ෂික වර්ණ ප්රදානෝත්සවයේදී ක්රීඩා සම්මානයක් අහිමි වීම සම්බන්ධයෙන් සිසුවියක් කළ ප්රකාශයට අදාල සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක විද්යාලයේ ආදි ශිෂ්ය සංගමය සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධියට සම්බන්ධ පිහිනුම් ක්රීඩිකාව සහ ස්කොෂ් (Squash) ක්රීඩිකාව යන දෙදෙනාම පාසලට ගෞරවයක් ගෙන දුන් දක්ෂ සිසුවියන් බවයි. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් […]
ට්රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්

වත්මන් ඩොනල්ඩ් ට්රම්ප් පරිපාලනය විසින් ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ඇතුළු ජ්යෙෂ්ඨ රාජ්ය තාන්ත්රික නිලධාරීන් (Career Diplomats) 30 දෙනෙකු පමණ වහාම ක්රියාත්මක වන පරිදි යළි කැඳවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. රටවල් අවම වශයෙන් 29ක සේවය කරන තානාපතිවරුන් ඇතුළු දූත මණ්ඩල ප්රධානීන්ට ඔවුන්ගේ සේවා කාලය එළඹෙන ජනවාරි මාසයෙන් අවසන් වන බව දැනුම් දී […]
මාලිමා මන්ත්රී පහරදුන් සිද්ධියේ කොස්තාපල් වෛද්ය පරීක්ෂණයකට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාර මහතා පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයාව වෛද්ය පරීක්ෂණයකට භාජනය කිරීමට තීරණය කර තිබේ. පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, අදාළ පොලිස් කොස්තාපල්වරයා එම සිදුවීම සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බවට සැක පළ වී ඇති බවය. ඒ සඳහා අධිකරණ වෛද්ය නිලධාරීවරයා […]
උත්සව සමය වෙනුවෙන් විශේෂ ‘මෙහෙයුම් මැදිරියක්’

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්ර කරගනිමින් “මෙහෙයුම් මැදිරියක්” ස්ථාපිත කිරීමට ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ. උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්රිවිධ හමුදාව සහ ශ්රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවක් සහතික කරන ප්රධාන සම්බන්ධීකරණ […]
තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

සෙට්ටිකුලම – වීරපුරම් ප්රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවට සෙට්ටිකුලම පොලීසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ තවසිකුලම්, වව්නියාව ප්රදේශයේ පදිංචිකරුවෙකි. දුරකතන සංවාදයක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පිරිසක් විසින් මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව මූලික පරීක්ෂණවලදී […]
මාලිමා මන්ත්රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පොලිස් නිලධාරියෙකුට කළ බව කියන පහරදීමක් සම්බන්ධව වාර්තා වන කරුණුවලට අදාළව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ පසුගිය 20 වැනි දින රාත්රී 08.40ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ රාජකාරි නිම කර නිවසට යමින් සිටියදී කළුගල පන්සල […]
අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදු කර තිබේ. වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පැවසීය. මේ වන විට අනාවරණය වී ඇති කරුණු අනුව අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්රතිපළයක් මත […]