ඉන්දීය විදේශ අමාත්ය එස්. ජයිශංකර් දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා නිල සංචාරයක් දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්යංශය සඳහන් කළේ අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බවය. සිය සංචාරය තුළ දී ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්ය. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් […]
මන්ත්රී හා ගැටුමක් වූ කොස්තාපල්ට ඇප

පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පොලිස් කොස්තාපල්වරයාට ඇඹිලිපිටිය මහෙස්ත්රාත් අධිකරණයෙන් ඇප නිය කර තිබේ. රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මත අදාළ පොලිස් කොස්තාපල්වරයාට ලබා දී ඇති බව වාර්තා වේ. සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය අද (22) පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට […]
ඇල්ලේ ටැක්සි ගැටුම – PickMe සහ Uber රියදුරන් එකමිටට

ඇල්ල සංචාරක කලාපයේදී පිටතින් පැමිණෙන පික් මී සහ උබර් කුලී රථ රියදුරන්ට ප්රදේශීය කුලී රථ රියදුරන් විසින් තර්ජනය කිරීම් සහ පහරදීම් සිදු කරන බවට වාර්තා වීමෙන් පසු, දිවයිනේ විවිධ ප්රදේශවලින් පැමිණි පික් මී සහ උබර් රියදුරන් විශාල පිරිසක් ඇල්ල නගරයේ රැස්ව සහයෝගය පළ කරමින් සිටිති. මෙම රියදුරන්ට එල්ල වූ පහරදීම් සහ තර්ජන සම්බන්ධයෙන් ඇල්ල පොලිසියට […]
“මාලිමාවෙන් පොලීසිය බේරා ගත යුතුයි..”

පොලිසිය මාලිමා ආණ්ඩුවෙන් බේරා ගැනීම සඳහා ජනතාවට පෙරට එන ලෙසට පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්ය නිතීඥ උදය ගම්මන්පිල ප්රකාශ කරනවා. අද (22) දින කොළඹදී පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්ය හමුවේ දී ගම්මන්පිල මේ බව පැවසුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මෙසේද පැවසුවා. ගංජා වැවීම පිළිබඳ චෝදනා ලබා සිටින ශාන්ත පද්මකුමාර මන්ත්රිතුමා පොලිස් නිලධාරියෙකුට […]
ආපදා සහන සංශෝධිත අයවැය චක්රලේඛය නිකුත් කෙරේ

ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන අනුව 2025-12-05 දිනැති අයවැය චක්රලේඛ අංක 08/2025 මඟින් යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්රියාත්මක කිරීමට නව එකතු කිරීම් පැහැදිලි කිරීම් හා සංශෝධන ඇතුළත් කිරීමට මෙම චක්රලේඛය නිකුත් කර ඇත. ඒ අනුව, අයවැය චක්රලේඛ අංක 08/2025 හි සඳහන් වගුවේ අනු අංක 3, 5, 6, 7, 9, 11, […]
මාලිංගට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වගකීමක්

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්රී ලංකා වේගපන්දු යවන්නන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සඳහා හිටපු සුපිරි ක්රීඩක ලසිත් මාලිංග පුහුණු කටයුතුවලට එක්ව සිටින බව වාර්තා වෙනවා. ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් කෙටි කාලසීමාවක් සඳහා මාලිංග ශ්රී ලංකා ක්රිකට් පුහුණු කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවයි. ලසිත් මාලිංග මීට […]
දින 27කට පසු අනිද්දා යාල්දේවි යාපනයට

ආපදා තත්ත්වය හේතුවෙන් ධාවනය ඇනහිටි යාල් දේවී දුම්රිය දින 27 කට පසු අනිද්දා (දෙසැ. 24) සිට කොළඹ කොටුව හා යාපනය කන්කසන්තුරය අතර යළි ගමන් ආරම්හ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙම දුම්රිය දිනපතා කොළඹ කොටුවෙන් පෙරවරු 6:40 ට ගමන් ආරම්භ කෙරෙන යාල් දේවී දුම්රිය යාපනය පස්වරු 1:57 ටත් කන්කසන්තුරයට පස්වරු 2:32 ළගාවීමට නියමිත ය. දුම්රිය […]
මාලිමා මන්ත්රීගෙන් පහර කෑ පී.සී. අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාර තමන්ට පහර දුන් බවට මීට පෙර චෝදනා කළ සූරියකන්ද පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැරදි ලෙස බාධා කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. පසුගියදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්රීවරයා සහ කොස්තාපල්වරයා යන දෙපාර්ශ්වයම අන්යෝන්ය වශයෙන් […]
අම්බලන්ගොඩ වෙඩි තැබීමට පැමිණි සැකකරුවන්ගේ යතුරුපැදිය සොයාගැනේ

අම්බලන්ගොඩ නගරයේ අද (22) උදෑසන සිදු වූ වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් භාවිත කළ යතුරුපැදිය අම්බලන්ගොඩ ආඳා දොල ප්රදේශයේ තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා. නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු ඉලක්ක කර පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දකුණු පළාත භාර […]
“ශ්රී ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවන්න..”

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ දැඩි විනාශය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ශ්රී ලංකාවට අදාල ණය ගෙවීම් තාවකාලික අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ලොව ප්රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයන් 121 දෙනෙකු ඒකාබද්ධව ඉල්ලීමක් කර තිබේ. නොබෙල් ත්යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ආර්ථික විද්යාඥයින් පිරිසක් විසින් මෙම ඉල්ලීම කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. ව්යසනයෙන් පසු නැවත ශ්රී ලංකාව ගොඩනැගීම […]