කැලණියේ අද විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර හේතුවෙන් අද (23) දින පස්වරු 3 සිට රථවාහන ගමනාගමනය සීමා කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, පෙරහැර හෙලේනා ප්‍රාථමික විද්‍යාලය අසලින් ආරම්භ වී ගල්බොරැල්ල, වලන්කඩ හන්දිය අසලින් මාවතට පිවිස බියගම මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුම අසලින් […]

ජයිශංකර් අද ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, අද (23) පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවය. මෙම සංචාරය තුළ දී එස්. ජයිශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද […]

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි. ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය […]