පේදුරුතුඩුවේ ලන්ච් ෂීට් භාවිතයට තහනමක්

යාපනය – පේදුරුතුඩුව නගර සභා සීමාවට අයත් හෝටල් සහ ආහාර අලෙවිසැල් තුළ ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර තිබේ. මෙම තහනම 2026 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන බව පේදුරුතුඩුව නගර සභාව නිවේදනය කර තිබේ. හෝටල් සහ ආහාර අලෙවිසැල් හිමිකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදී පේදුරුතුඩුව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. දිනේෂ් මහතා […]
UDA නව සභාපති පුටුව එම්. ජී. හේමචන්ද්‍රට

නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නව සභාපතිවරයා ලෙස සංවර්ධන විශේෂඥයෙකු වන එම්. ජී. හේමචන්ද්‍ර පත් කර තිබෙනවා. ඔහු පසුගිය දෙසැම්බර් 20 වැනිදා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. ඔහු ශ්‍රී ලංකාවේ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු සහ ණය ව්‍යාපෘති ප්‍රධානියා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර […]
චීන දූත පිරිස දිවයිනට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයින් ඇතුළු 11 දෙනෙකුගෙන් සමන්විත චීන දූත පිරිසක් අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. අද පෙ.ව 9.45ට පමණ ශ්‍රීලන්කන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් මොවුන් දිවයිනට ආ බව ගුවන්තොට ආරංචි මාර්ග සදහන් කරයි ඔවුන් පිළිගැනීම සඳහා මෙරට චීන තානපතිවරයා සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා […]
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දැවැන්ත විනාශයෙන් පසු මෙරට යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. අද (23) දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් විසින් මෙම සහන පැකේජය පිළිබඳ නිල වශයෙන් දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ. අමෙරිකානු ඩොලර් […]
‘සම්මාන දුන්නේ නිර්ණායක මතයි’- සිරිමාවෝ විදුහල්පතිනිය

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ඉකුත් 19 වන දා පැවති වර්ණ ප්‍රදානෝත්සවයේදී ශිෂ්‍යාවකට සම්මානයක් ලබා නොදීම හේතුවෙන් නිර්මාණය වූ ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පාසලේ විදුහල්පතිනියගෙන් ඊයේ (දෙසැ. 22) කරුණු විමසා තිබේ. අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැවගේ කැඳවීමකට අනුව, ඉසුරුපායට පැමිණි විදුහල්පතිනි සුමේධා ජයවීර වර්ණ ප්‍රදාන උත්සවයේදී 2023 සහ 2024 වර්ෂයන්ට අදාළව […]
“රෑට රෑට බුරියානි දීලා ඡන්දෙ ගන්න බෑ..”

එදවස රහස් ඡන්දයක් පවත්වා ජාතික ජන බලවේගය සිය කණ්ඩායම පැරදූ බවත්, අද වනවිට එළිපිටම කොළඹ නගර සභාවේ අයවැය පරද්දා පෙන්නූ බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසනවා. එසේම මාස හයක් වැනි කෙටි කලකින් මෙය සිදු වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. කොළඹ නගර සභාවේ අයවැය පරාජය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ […]
ලබන වසරේ සිට 06 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා

එළැඹෙන 2026 වසරේ සිට දිවයින පුරා මිලියනයකට අධික පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා බෙදා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශයේදී […]
ඉන්දීය විදේශ ඇමති සහ ජනපති අතර සාකච්ඡා ඇරඹෙයි

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ජනපති අනුර කුමාර දිසානායක හමු වී ද්වීපාර්ශ්වීය සාකච්ඡා ආරම්භකර තිබෙනවා. ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් ඊයේ පස්වරුවේ දිවයිනට ළගා වූවා. මෙරට රැඳී සිටින කාලය තුළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම දෙමළ පක්ෂවල නායකයින්ද හමුවීමට නියමිතයි. දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යවසනයට පිළියම් යෙදීම […]
විජිත් විජයමුණි සොයිසා රිය අනතුරක

හිටපු අමාත්‍ය සමගි ජන බලවේගය පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් සංවිධායක විජිත් විජයමුණි සොයිසා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සමත වීමෙන් අනතුරුව මුදා හැරිය බව දෙහිවල පොලිසිය පවසනවා. හිටපු අමාත්‍යවරයා විසින් පදවනු ලැබු ඩිෆෙන්ඩර් රථය ගල්කිස්ස සිට කොළඹ දෙසට ගමන් කිරීමේදී දෙහිවල ප්‍රදේශයේ මෙම අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙම රථයේ පුද්ගලයකු ගැටී බිම ඇද වැටී […]
කොහුවල වෙඩි තැබීමත් සමග කොළඹ ආරක්ෂාව තර කෙරේ

ඊයේ පස්වරුවේ නුගේගොඩ සහ කොහුවල මංසන්ධිය අතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියත් සමග කොළඹ නගරයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිස් වාර්තා අනුව ඊයේ රාත්‍රී 8:30 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා. එහිදී 25 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කළා. මේ […]