රොෂාන් රණසිංහ අල්ලස් කොමිසමට

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අද (26) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණා. ඒ සම්බන්ධයෙන්  මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉඩමක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන […]

“ඉන්දියාවෙන් හා IMFවලින් ලැබී ඇත්තේ ආධාර නොවේ ණය”

ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්(IMF) ලැබී ඇත්තේ ණය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඇත්තේ 8%ක ඉහළ වාණිජ පොළියකට බවත් එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කරනවා. ඉන්දියාව ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 450න් 350ක්ම ණය බවත් ප්‍රදානයක් වශයෙන් ලබා දී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් […]

වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

මතභේදාත්මක සිදුවීම් රැසක් වාර්තාවූ වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුවී තිබේ. සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් මෙලෙස නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුවී ඇත. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ […]

මන්ත්‍රී අර්ච්චුනාට මරණ තර්ජන

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතාට ජංගම දුරකථනවලින් අමතා වලිකාමම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඇතුළු කීප දෙනකු මරණීය තර්ජන කළ බව පවසමින් තෙලිප්පලේ පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි. ඒ අනුව පොලිසිය සඳහන් කළේ මන්ත්‍රීවරයා මල්ලාකම්, කන්නසන්තරය පාර අංක 80/17 ලිපිනයේ පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යනු ලබන අතර මන්ත්‍රීවරයා හෝ ඥාතික හෝ […]

පැරෑලිය දුම්රිය ඛේදවාචකයේ නිහඬ සාක්ෂිකරු අද නිහඬ වෙලා

2004 සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත්ව පසුව යළි යථා තත්ත්වයට පත් කෙරුණු, පැරෑලිය දුම්රිය අනතුරේ නිහඬ සාක්ෂිකරු වූ “M2 – 591” අංක දරන සුනාමි දුම්රිය එන්ජිම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙවර සමරු ධාවනයට එක් කිරීමට නොහැකි වී තිබේ. සුනාමි ඛේදවාචකයට වසර 21ක් සපිරෙන අද (26) දිනයේ, එම අනතුර සිහිපත් කරමින් සංකේතාත්මකව මෙම එන්ජිම ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව […]

නාමල් සුනාමි හා දිට්වා නිසා මිය ගිය පිරිස් සිහිපත් කරයි

සුනාමි ඛේදවාචකයට වසර 21ක් සපිරෙන අද (26) දිනයේදී සුනාමියෙන් මිය ගිය පිරිස් සහ පසුගිය දා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආගමික වතාවත්වල නිරත වුණා. කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී සිය පවුලේ සාමාජිකයින් සමඟ මෙම ඛේදවාචක වලින් මියගිය පිරිස් සිහිපත් කරමින් නාමල් ආගමික […]

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ බියක්

බෝම්බ බියක් හේතුවෙන් බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු අංශ ගණනාවකින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අද (26) පෙරවරුවේ දැඩි සෝදිසි කිරීමට ලක්කර තිබෙනවා. මෙම හදිසි සෝදිසි කිරීම සිදුකර තිබෙන්නේ වාහනයක සවිකළ බෝම්බයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ පුපුරුවා හරින බවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් ලිපිනයට යොමුකළ පණිවිඩයක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා පොලිසියට කළ දැනුම් දීමකට අනුවයි. පොලිස් […]

පරණ Gmail ලිපිනයේ නම විතරක් වෙනස් කරන්න අවස්ථාවක්

වසර ගණනාවක් තිස්සේ වෙනස් කළ නොහැකිව තිබූ @gmail.com වලින් අවසන් වන ඊමේල් ලිපිනයේ මුල් කොටස දැන් පරිශීලකයන්ට වෙනස් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මීට පෙර Google ලබා දුන්නේ තෙවන පාර්ශවීය ඊමේල් ලිපිනයන් (third-party email addresses) භාවිතා කර සාදන ලද ගිණුම්වල ලිපිනයන් වෙනස් කිරීමේ හැකියාව පමණයි. ඔබ දැනට පවතින Gmail ලිපිනයේ මුල් කොටස වෙනස් කර අලුත් කළ […]

මොරටුව නගරාධිපති මන්ත්‍රීවරියකට ලිංගික අතවර කරලා

ප්‍රාදේශීය දේශපාලඥවරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ ඇයගේ හිටපු පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ශරීර ඇප මත මුදා හැරීමට කුරුණෑගල අතිරේක මහෙස්ත්‍රාත් නියෝග කර ඇත. ඒ අනුව මෙසේ ඇප නියම වූයේ හමුදා කෝප්‍රල්වරයෙකු වශයෙන් සේවය කර ඇති බෝගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බෝගමුව පොලිසිය පැවසුවේ සැකකරු […]

අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව  සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්ද, සිව්දෙනෙකු ගාල්ල අපරාධ අංශය විසින්ද අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මෙම වැටලීම්වලදී හික්කඩුව ප්‍රදේශයෙන් පිස්තෝලයක් සහ රිවෝල්වරයක්ද සොයාගැනීමට හැකිව තිබේ. පසුගිය 22දා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් අම්බලන්ගොඩ […]