75 වසරක කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 මෙන්න

ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස් සැමරුම මෙම 2025 වසරට යෙදී තිබෙන අතර 1925 වසරේ දී ඇරඹි ශ්‍රී ලාංකේය සිනමාව තුළ 75 වසරක (1947 – 2022) කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත්කිරීම අද (29) සිදුවුණා. ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය සිනමා අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව අද පස්වරුවේ රජයේ […]

හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (DRP) අලුතින් හඳුන්වාදුන් ඩිජිටල් පද්ධතිය අද (29) දිනය පුරා නැවත නැවත තාක්ෂණික දෝෂවලට ලක්වීම නිසා ජාතික හැඳුනුම්පත් අයදුම්කරුවන්ට ඔවුන්ගේ කටයුතු අත්හිටුවා හෙට නැවත පැමිණෙන ලෙස දැනුම් දී ඇත. අයදුම්කරුවන්ගේ වාර්තා අනුව, පද්ධතිය පළමුවෙන් පස්වරු 1.00ට පමණ බිඳවැටුණු අතර, පසුව පස්වරු 2.30ට සහ නැවත පස්වරු 4.00ට පමණ අක්‍රිය වී ඇති බව පැවසේ. […]

ඇමති විජිත චීනයට කළ යෝජනාව

චීන පරිත්‍යාගයක් ලෙස රට පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන්නැයි අමාත්‍ය විජිත හේරත් මහතා චීන රජයට යෝජනා කර තිබේ.  චීනය ඇතුළු ලෝක රථවාහන වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් අමාත්‍ය විජිත හේරත් මහතා මෙම යෝජනාව කර ඇත. අමාත්‍යවරයා මෙම යෝජනාව සිදුකර ඇත්තේ, අද […]

තුන්සක රියේ අවනඩුව

ජංගම දුරකථන යෙදවුම් මඟින් ක්‍රියාත්මක කුලී රථ සේවා රියදුරන්ට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව ඔවුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (29) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ, පසුගියදා ඇල්ල ප්‍රදේශයේදී එම රියදුරෙකුට එල්ල වූ තර්ජනය පාදක කරගනිමිනි. ත්‍රිරෝද රථය..තුන්සක රිය, ටුක් ටුක් එහෙමත් නැතිනම් සමහර දෙනෙක් හඳුන්වන “වීල් එක”, එකීමෙකී නම්වලින් හඳුන්වන මෙම ත්‍රිරෝද රථය මේ වනවිට මගීන්ට නැතිවම […]

ඇමතිගෙන් ජනමාධ්‍යයට රතු එළියක්

ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී ඇත්තේ කොන්දෙසිවලට යටත්ව බැවින් යම්කිසි අවස්ථාවක දී එම කොන්දෙසි කඩකළහොත් අදාළ රූපවාහිනී නාලිකා සතු බලපත්‍රය යළි කැඳවීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යවරයා සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර […]

ගිංඔයට පැන්න පාසල් තරුණියගේ ඛේදවාචකය හෙළිවේ

වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේදී ගිංඔයට පැන අතුරුදන් සිටි තරුණියගේ සිරුර හමුවී ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ ජා ඇළ – බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන උදයංගනා සත්සරණී නම් 17 හැවිරිදි පාසල් සිසුවියකි. ඇය මියයන විට කොච්චිකඩේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිට ඇත. තරුණියව බේරාගැනීමට ගිංඔයට පැන ඇති 18 හැවිරිදි තරුණයාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ප්‍රතිකාර […]

සීගිරියේ PickMe විරෝධයක්

PickMe, Uber වැනි ජංගම යෙදුම් හරහා ප්‍රවාහන සේවා සපයන රියදුරන්ට තමා ඇතුලු සියලුම ත්‍රීරෝද රථ රියදුරන් දැඩි විරෝධය දක්වන බවත්, ඔවුන් සීගිරිය ප්‍රදේශයට විශාල පිළිලයක් බවට පත්වෙමින් සිටින බවත් කියමින් සීගිරිය ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් අද (29) විරෝධතාවයක නිරත වුණා. ඔවුන් පවසන්නේ, වර්තමානය වන විට ත්‍රීරොද රථ රියදුරන්ට ලක්ෂ 20ක පමණ මුදලකට ත්‍රීරෝද රථ මිලදී […]

“අමර හඬ ලතාවට මම ගෞරවයෙන් සමුදෙමි”

හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අභාවය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබේ. හිටපු ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨයෝ නික්ම යන බවත් කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතින බවත්ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ශෝක පණිවුඩය පහතින්, – උපුටා ගැනීම – “ජ්‍යෙෂ්ඨයෝ නික්ම […]

අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් වැඩ වරදියි

ඉදිරියේදී බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මාර්ග අනතුරු සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බවය. මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ […]

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව යළි දීර්ඝ කෙරේ

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, 2025 දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාලය 2026 වසරේ ජනවාරි 31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවය. […]