“පඩි ගෙවලා වැඩකරන ඩෝබිලා අපිට නැහැ..”

කිසිවෙකුට විරුද්ධව අදහස් (Comments) පළ කිරීම සඳහා වැටුප් ගෙවා නඩත්තු කරන කිසිදු කණ්ඩායමක් රජය සතු නොවන බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසනවා. අන්තර්ජාල නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. “පැලවත්තේ නඩත්තු කරන, හෙට සිට වැඩට ඒමට නියමිත ඩෝබිලා” ලෙස හැඳින්වූ සමාජ මාධ්‍ය කණ්ඩායම් පිළිබඳව සමාජය දක්වන අදහස කුමක්ද යනුවෙන් වැඩසටහන් පූර්වකයා විසින් අමාත්‍යවරයාගෙන් විමසා […]
එජාප සහ සජබ අතර සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර හමුවක් සිදුව තිබේ. අද (30) දහවල් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ. මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවයසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් එක්ව සිටියහ. සමගි ජන බලවේගය […]
6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු යෙදුමක්

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලය මේ වන විට මුද්‍රණය අවසන් කර ඇත. එබැවින් […]
“නව වසරේ, නව සැලසුම් සමඟ රට ආර්ථික ජයග්‍රහණය කරා ගෙන යමු”

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම ආදායමක් වාර්තා කළ වසර බවට 2025 වසර පත්ව තිබෙන බවත්, ඒ අනුව අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 2115ක ඉලක්කය අභිබවා ගොස් තවත් රුපියල් බිලියන 300ක පමණ අතිරික්ත ආදායමක් සමඟ 2026 වසර ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.පී. අරුක්ගොඩ මහතා සඳහන් කළේය. රේගු අධ්‍යක්ෂ […]
හිටපු ඇමති ඩග්ලස් බන්ධනාගාර රෝහලට

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. වෛද්‍යවරු විසින් ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමකින් අනතුරුව ලද නිර්දේශ මත ඒ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. පසුගිය 26 වැනිදා ඒ මහතා ගිනි අවි සිද්ධියක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ […]
රජරට සරසවි ඇදුරෝ වර්ජනයේ

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරුන් හා මහාචාර්යවරුන් අද (30) සියලුම කටයුතුවලින් ඉවත් වී වැඩවර්ජනයක නිරත වී තිබේ. රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යය සංගමයේ සභාපති මහාචාර්යය නාලක ගීකියනගේ මහතා පවසා සිටියේ, විශ්වවිද්‍යාල පනත වෙනස් කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යොමුකර ඇති මොහොතක, එය සම්මත වීමට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්සම් සභාවේ අනුමැතිය ඊට ලැබීමට විරෝධය පළ කරමින් මෙලෙස වැඩවර්ජනයේ නිරත වීමට තීරණය […]
හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුත්‍රයා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. එමෙන්ම වැටුප් හා දීමනා ලබාගැනීමේ දී අවභාවිතයක් සිදුව ඇති බවට ද සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
2025 සම්මත කරගත් පනත් 26 මෙන්න

2025 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා වූ කාලය තුළ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව ගෙවුණු වසරක කාල සීමාව තුළ රජයේ පනත් කෙටුම්පත් 26ක් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. එම පනත් අතරට එකතු කළ අගය මත බදු (සංශෝධන), අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිව සම්මුති, ඔට්ටු […]
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රිය වෙයි

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බව ලංකා විදුලි බලමණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් මේ වන විට අහිමි වී ඇති බවය. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පමණක් සක්‍රීය තත්ත්වයේ පවතින […]
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟම සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමගම සභාවේ උණුසුම් තත්ත්වයක් හටගන ඇති බව වාර්තා වේ . මෙම අවස්තාවේදී “හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා” යනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සියල්ල එක හඬින් ඝෝෂා […]