ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟම සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමගම සභාවේ උණුසුම් තත්ත්වයක් හටගන ඇති බව වාර්තා වේ .

මෙම අවස්තාවේදී “හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා” යනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සියල්ල එක හඬින් ඝෝෂා කිරීම නිසා සභාවේ හඬ අපැහැදිලි තත්ත්වයකට පත්ව ඇත.

 තවද මෙහිදී නගරාධිපතිවරයා න්‍යාය පත්‍රානුකූලව සභාවේ වැඩකටයුතු කරගෙන යන ලදි.

ඉන් අනතුරුව එළඹි කාරක සභා අවස්ථාව නිවේදනය කරනවාත් සමගම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ලේකම් මණ්ඩලයේ වාඩිවී සිටින ස්ථානයට වතුර බෝතල් රැගෙන ජල ප්‍රහාරයක් එල්ල කර ඇත .

මෙම තත්වය වඩාත් උත්සන්න වීමත් සමඟම සභාව පැය භාගයකට කල් තැබූ නගරාධිපතිවරයා සභාවෙන් බැස ගොස්  තිබේ. 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *