හරීන්ගේ නඩුව කල්යයි

පසුගිය මහ මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා අද (06) උදෑසන හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදි නඩුව කැඳවු බදුල්ල මහෙස්ත්‍රාත් උදිත් ගුණතිලක මහතා විසින් එම නඩුව මැයි මස 5 වනදා නැවත කැඳවන ලෙස නියෝග කළේය.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට තිබු දින දහවල් බදුල්ල නගරයේ දී මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් පෙළපාලියකින් ගමන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට, පසුගිය වසරේ නොවැම්බර් මස 20 වන දින බදුල්ල මූලස්ථාන පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ හරීන් ප්‍රනාන්දු මහතාව එදින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැරියේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *