වෛද්‍ය මහේෂිගේ දියණියට එරෙහිව චෝදනා ගොනු කෙරේ

අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කළේ කියන චෝදනාව මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ දියණියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබෙනවා. අදාළ නඩුකරය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබුණා. සැකකාරියට එරෙහිව චෝදනා දෙකක් යටතේ චෝදනා පත්‍රයක් ගොනුකරන බව එහිදී අල්ලස් කොමිසම අධිකරණයට […]
දිවයිනටම අනතුරු ඇඟවීමක් – අඩු පීඩනය තවත් උග්‍ර වෙයි

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පිහිටි බෙංගාල බොක්කෙහි පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිර – වයඹ දිශාවට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නයට පැමිණෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ. මේ අනුව අද (07) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා […]
අගමැති හරිනිට එරෙහිව විශ්වාසභංගයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ ගැටලුව මුල්කරගනිමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා. ඊට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබීම අද(07) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ කිරීමට නියමිත බව ඔහු කියා සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් […]
කැලණි පෙරහරට විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව අද (07) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කැලණි සිරිවටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින් ගෝනගම්පොළ මාර්ගයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලින් වරාගොඩ මාර්ගයට පිවිස නුන්ගමුගොඩ හනදිය, ගල්බොරැල්ල, වලන්කඩේ හන්දියෙන් ඇතුළු වී විහාර මාවත ඔස්සේ බියගම මාර්ගයට පිවිස නවලෝක වාහල්කඩ ඔස්සේ ගෙවදීමට […]