ග්‍රෙගරි වැවේ ගුවන් අනතුරක්

නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් එකක් අද (07) දින දහවල් 12.30ට පමණ කඩා වැටී තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බවය. ගුවන් යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී මෙලෙසෙ අනතුරට ලක්ව ඇතැයි පොලීසිය […]
“සාරා ජස්මින් මිය ගිහිල්ලා නැහැ.. විවෘත වරෙන්තු ගන්නවා”

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින් මියගොස් ඇති බවට මීට පෙර පැවති රජය සමයේ තහවුරු කිරීමට උත්සාහ කළද, ඇය මියගොස් නැති බවට වන කරුණු මේ වන විට විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. සාරා ජස්මින් මෙරටින් […]
අගමැති හරිනිට එරෙහි විශ්වාසභංගයට විපක්ෂය අත්සන් තබයි

අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දිලිත් ජයවීර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලැබීය. අද (07) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ඔවුන් මෙම විශ්වාසභංගයට අත්සන් තබා ඇත. වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම […]
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මැතිසබයට

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත අද (07) උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පසුගිය දෙසැම්බර් 26 වන දින ගැසට් […]
“තාත්තා හොරකම් කලා කිවුවම පුතා සාධු කිව්වා..”

වත්මන් ආණ්ඩුව පැමිණි පසු පොලිසිය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විවේචනය කිරිමට පෙර මිට වසර දෙකකට පමණ පෙර පොලිසිය කටයුතු කල ආකාරය මේ රටේ ජනතාවට මතක තිබෙන බව සිහි තබාගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි නජිත් ඉන්දික මහතා පැවසුවා. මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් පොලිසිය සිටින්නේ ආණ්ඩුවට කඩේ යාම සඳහා නොවන බව […]
ජූලි චන්ග් 16 යයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ලෙස කටයුතු කරමින් සිටින ජුලි චන්ග් මහත්මිය, ජනවාරි 16 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. ඇය, එක්සත් ජනපදය නියෝජනය කරන ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය ලෙස වසර හතරකට ආසන්න කීර්තිමත් සේවා කාලය නිමා කරමින් මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනු ඇත. ඇයගේ සේවා කාලය […]
වෙනිසියුලාව සතු බොර තෙල් අමෙරිකාවට

අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඊයේ (06) රාත්‍රියේ මේ බව සටහන් කර ඇත. ට්‍රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින් සම්බාධක […]
ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු විස්සයි20 තරගය අද

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී අද ආරම්භ වෙයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර සියලු තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වේ. විස්සයි20 තරගාවලියේ සියලු තරග රංගිරි දඹුල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශුරයින්ට පිරිනැමෙන කුසලානය දඹුල්ල ක්‍රීඩාංගණයේදී […]
වීථි ලාම්පු සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?

යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා කර ඇති බව විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමය පවසයි. එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ, මෙම අගය විදුලි පාරිභෝගිකයාගේ බිලෙන් සියයට 2.2 නොවැඩි වියයුතු බවටද දැනුම් දී ඇති බවය. “යම්කිසි ප්‍රදේශයක භාවිත කරන විදුලි බල්බ්වල […]
6 පොතෙන් මතභේදයට තුඩු දුන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය

මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ එම පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ඊයේ (06) එම අනුමැතිය ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අද පාර්ලිමේන්තුවේදි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.