ඩී.වී චානකගෙන් බලශක්ති ඇමතිට අභියෝගයක්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ගැන ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අභියෝයග කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ අමාත්‍යවරයාට දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ගැන විවාදයකට පැමිණෙන ලෙසට තමන් අභියෝග කරන බවත් එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන බවත්ය. […]
“රූපවාහිනී බලපත්‍ර අහෝසි කිව්වේ සෞඛ්‍ය ඇමති විදිහට..”

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, රූපවාහිනී ආයතනවල බලපත්‍ර අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් සිදු කළ ප්‍රකාශය ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු ලෙස නොව සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ලෙස බවයි. බලපත්‍ර කොන්දේසි කඩ කරමින් හිතාමතාම විකෘති ප්‍රවෘත්ති පළ කර ජනතාවගේ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීමට උත්සාහ කළහොත් තමන්ටද මතයක් ප්‍රකාශ කිරීමේ අයිතියක් […]
අල්ලස් කොමිසම ඉල්ලා අස්කර ගත් නඩු 102න් 65 ක් යළි පවරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ඉල්ලා අස්කරගෙන ඇති නඩු 102න් නඩු 65කට යළි නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 2019 සිට 2024 දක්වා කාලය තුළ අල්ලස් කොමිසම මගින් නඩු 102ක් ඉල්ලා අස්කරගෙන ඇති බවත් එම නඩු අතරින් නැවත සමාලෝචනය කිරීමෙන් පසු යළි නඩු 65ක් පවරා […]
ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුතුන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා එළඹෙන ජනවාරි 23 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ඒ සැකකරුවන් පිරිස අද (09) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත ගොනුකෙරෙනු නඩුව […]
අධ්‍යාපන මොඩියුලර් සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර් පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇය අද (09) ප්‍රකාශ කළේ, ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවය. දැනට මෙම මොඩියුලර් සඳහා ඇතුළත් […]
“2026 අයවැය ලේඛණයෙන් තවත් නිවාස 31,000ක්”

දිට්වා සුළි කුණාටුවත් සමග ආපදාවට ලක්ව හානි වූ නිවාස නැවත ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී නිවාස 20,000 – 25,000ක් අතර ප්‍රමාණයක් ඉදි කිරීමට සිදුව ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (09) පෙරවරුවේ දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කරගැනීමට රුපියල් […]
ඩග්ලස් දේවානන්දාට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇප මත මුදා හැර තිබේ. ඒ මහතා අද (09) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ඔහුව ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත. 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි […]
“ට්‍රම්ප් ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් පළමුව වෙඩි තබන්න – පසුව ප්‍රශ්න කරන්න”

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවසන පරිදි යම් හෙයකින් ග්‍රීන්ලන්තය ආක්‍රමණය කිරීමට තීරණය කළහොත් ඩෙන්මාර්ක සොල්දාදුවන් “පළමුව වෙඩි තබා පසුව ප්‍රශ්න අසනු ඇත” යනුවෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඩෙන්මාර්කයේ ආරක්ෂක අමාත් යාංශය බදාදා තහවුරු කළේ 1952 සිට සතුරු හමුදා ආක්‍රමණය කළහොත් වහාම සටන් කළ යුතු බවට වන නීතිය තවමත් ක්‍රියාත්මක බවයි. වෙනිසියුලාවේ නිකොලස් මදුරෝගේ පාලනය […]
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් සහ පුත්‍රයන් දෙදෙනා අද යළි අධිකරණයට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කර රජයට මූල්‍ය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනුණු අතර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (09) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එමෙන්ම අදාළ ලොරි රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට […]
තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂය කළ ඉල්ලීම කතානායක ප්‍රතික්ෂේප කරයි

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසට ඉල්ලා විපක්ෂය කළ යෝජනාවක් අද (09) කතානායක ප්‍රතික්ෂේප කළා. විපක්ෂය කරන ලද ඉල්ලීම පිළිගැනීමට නොහැකි බවයි කතානායක ජගත් වික්‍රමරත්න අද එලෙස ප්‍රකාශ කළේ. පැය භාගයකට ආසන්න වේලාවක් දීර්ඝ කරුණු දැක්වීමකින් අනතුරුව කතානායක ප්‍රකාශ කළේ, අධිකරණ සේවා කොමිෂන් සභාවට බලපෑම් කිරීමට […]