පොදු ප්‍රවාහනයට අලුත් නීතියක්

පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ තුළ අධික ශබ්දයෙන් යුත් සංගීතය හෝ වෙනත් ශ්‍රව්‍ය දර්ශන වාදනය කිරීම නිසා මගීන්ට එල්ල වන පීඩාව වැළැක්වීමට නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ මේ වෙනුවෙන් අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමේ කටයුතු දැනටමත් අවසන් අදියරට පැමිණ තිබෙන බවයි. […]
“අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට ITAK සහායක් නැහැ..”

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහාය නොදැක්වීමට තීරණය කර ඇත. මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා මේ බව දැනුම් දී තිබේ. අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය ඉවත් කිරීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරමින් […]
“ජවිපෙට නෙමේ රටට හරියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න..”

ජනාධිපතිවරයා ගන්නා උඩගු තීරණ ජාතියට , ජනතාවට හෝ ජනාධිපතිවරයාට සාධාරණය ඉටු නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ. ඒ වගේම නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ ජනතා විමුක්ති පෙරමුණට අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට ද අනුකූල යැයි ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම් එය නිවැරදි නොවන බවයි. […]
සත්‍යග්‍රහයේ නිරත විමල්ට අධිකරණ නියෝගයක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (12) පෙරවරුවේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා දී තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. මාර්ගය අවහිර නොවන ලෙසත්, උසස්පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන ලෙසත් අදාළ අධිකරණ නියෝගයෙන් දැනුම්දී තිබේ.
කෙහෙළිය ඇතුලු සිව්දෙනාට එරෙහි නඩුව පෙබරවාරි 13 යළි කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා […]
රනිල්ගේ කල් දැම්ම නඩුව අයින් කරගන්න කුමන්ත්‍රණයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 16.6ක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් නඩු පැවරීම වළක්වාලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිදුවෙමින් පවතින බව කියන සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු වාර්තා වෙමින් තිබේ. මෙම නඩුව ජනවාරි 28 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය. මේ […]
හරිනි ඉවත් කරන්න ඇල්ලේ ගුණවංශ හිමිගෙන් සංද්ශයක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරියගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තහවුරු වන්නේ ආණ්ඩුව […]
විමල් වීරවංශ සත්‍යග්‍රහය අරඹයි

දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානයේ කැඳවුම්කරු විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් ආරම්භ වූ “හරිනි ගෝ හෝම්” විරෝධතා ව්‍යාපාරය අද (12) ආරම්භ වී ඇත. මෙම විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම් වන්නේ වර්තමාන ආණ්ඩුව විසින් ගෙන එනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවැත්වීම සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමයි. ඊයේ (11) මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී විමල් […]