පොදු ප්‍රවාහනයට අලුත් නීතියක්

පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ තුළ අධික ශබ්දයෙන් යුත් සංගීතය හෝ වෙනත් ශ්‍රව්‍ය දර්ශන වාදනය කිරීම නිසා මගීන්ට එල්ල වන පීඩාව වැළැක්වීමට නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ මේ වෙනුවෙන් අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමේ කටයුතු දැනටමත් අවසන් අදියරට පැමිණ තිබෙන බවයි.

එසේම මෙම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මීට පෙර බස් රථ තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය මඟින් සිදුවන ශබ්ද දූෂණය පාලනය කිරීමට ප්‍රමාණවත් රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක නොවූ බවයි.

එබැවින් අලුතින් සම්පාදනය කෙරෙන රෙගුලාසි සම්මත වූ වහාම, නියමිත ප්‍රමිතිය ඉක්මවා ශබ්දය නිකුත් කරන වාහනවලට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇති බව ඔහු පවසයි.

මෙමඟින් මගී ජනතාවට වඩාත් සහනදායී සහ සුවපහසු ගමන් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව සඳහන්.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *