“ලාල්කාන්ත ආගමික ද්වේෂය පතුරවනවා..”

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. මිහින්තලය රජමහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේට පසුගියදා වනචාරියා ලෙස හඳුන්වමින් අපහාස කර ඇති බවත් මෙසේ බෞද්ධ […]
අමරකීර්ති ඝාතනයේ නඩු තීන්දුව හෙට

පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට චෝදනාකරමින් පුද්ගලයන් 41 දෙනාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව හෙට (14) ගම්පහ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරේ. මෙම නඩුව ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ (trial at bar) විනිසුරු මඩුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා විභාග විය. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් ලෙස සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ […]
ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. රජය ක්‍රියාත්මක කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ එහි අවශ්‍යතාව පිළිගන්නා බවත්, 06 ශ්‍රේණියේ විෂය නිර්දේශය නව සංශෝධනයකට ලක්විය යුතු බවත් මෙහිදී පෙන්වා දුන් ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය […]
6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් දමයි

දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික අධධ්‍යාපන ආයතනය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව […]
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුව කල්යයි

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි 10වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
රමිත් රඹුක්වැල්ලගේ නඩුව කැඳවීමට දින දෙයි

නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව ගොනුකර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 11 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (13) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුකරයට […]
පාසල්වල 06 ශ්‍රේණියට අයදුම්පත් ඉදිරිපත් කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම 2026.01.12 දින සිට 2026.01.25 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි බව දැනුම් දී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන http://www.moe.gov.lk වෙත පිවිස පාසල් 3ක් සඳහා (උපරිම) අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. එමෙන්ම http://g6application.moe.gov.lk/#/ දිගුව […]
“කුමන ව්‍යසනයන් හමුවේ වුවත් න්‍යාය පත්‍රයන් හකුළන්නේ නෑ..”

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA’ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. ආර්ථික ව්‍යසනයකට මුහුණ දී තිබුණු රට ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතක සුළි කුණාටුවට […]
නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් අද (13) නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කය ,මඩකලපුව දිස්ත්‍රික්කය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සියලුම රොහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ විධායක සභික අම්පාර දිස්ත්‍රික්කයේ සංවිධායක වෛද්‍ය ජනිත් පේදුරු ආරච්චි පවසා සිටියේ. […]
BPL පිටියේ නබි සහ පුතු ඉතිහාසගත වෙයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, ඇෆ්ගනිස්ථාන සුපිරි ක්‍රීඩක මොහොමඩ් නබි සහ ඔහුගේ පුත්‍රයා වන හසන් අයිසඛිල් එකම කණ්ඩායමක් නියෝජනය කරමින් පන්දුවට පහරදීමේ දුර්ලභ අවස්ථාවක් පෙරේදා (11) සනිටුහන් කළා. ලොව ප්‍රධාන පෙළේ විස්සයි20 ලීග් තරගාවලියක පියෙකු සහ පුතෙකු එකම ඉනිමක එකට පන්දුවට පහරදුන් ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් කරමින්. සිල්හෙට්හිදී පැවති […]