සන්ධ්‍යාගෙන් අනුරට ලියුමක්

ප්‍රගීත් එන්නැලිගොඩ මහතාගේ අපරාධ නඩුවේ 9 වන චූදිතයා වන තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස්ට උසස්වීම් ලබාදීම පිළිබඳ විරෝධය පළකරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 2010 ජනවාරි 24 වන දින අනීතික ලෙස පැහැරෙගන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩ මහතාගේ බිරිඳ ලෙසත්, මේ වන විට කොළඹ ස්ථිර […]
කස්සප හිමි බන්ධනාගාරයෙන් දුන් දාන වේල ප්‍රතික්ෂේප කරයි

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට බන්ධනාගාරයෙන් දිවා ආහාරය සඳහා ලබාදෙන දාන වේල උන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙයි. ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට අයත් භූමියේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේදී ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ සිව්නමක් සහ තවත් සැකකරුවන් 05 දෙනෙකු […]
19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹේ

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලන තරගාවලිය අද (15) ආරම්භ වනවා. තරගාවලියට සත්කාරකත්වය නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවල් විසින් දරනු ලබන අතර කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 16ක් ඒ සදහා එක්වනු ඇති. මූලික වටයේ දී ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය සහ ජපානය සමගින් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අනිද්දා […]
බංග්ලාදේශ ක්‍රීඩකයෝ සියලු තරග වර්ජනය කරන බවට අනතුරු අඟවති

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCB) අධ්‍යක්ෂවරයෙකු වන එම්. නස්මුල් ඉස්ලාම් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසමින් එරට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් සියලුම ක්‍රිකට් තරග වර්ජනය කරන බවට අනතුරු අඟවා තිබෙනවා. ඔහු විසින් ක්‍රීඩකයින්ට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශ කිහිපයක් මෙම විරෝධතාවයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ජාතික සහ පළමු පෙළ ක්‍රීඩකයින් නියෝජනය […]
මාලිමා රජයේ ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

ජාතික ජන බලවේග රජය මඟින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) අකර්මන්‍ය කිරීමට පියවර ගෙන ඇති බවට සිවිල් ක්‍රියාකාරී කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කර ඇත. ඒ අනුව ස්වාධීන වෘත්තීය සමිති නියෝජනය කරන සිවිල් සංවිධාන එකතුවක් සඳහා හෝටල් නිපොන්හි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් […]
තරුණ පිරිස් අතර හෘද සැත්කම් ඉහළට

තරුණ පිරිස් අතර හෘද සැත්කම් ඉහළ ගොස් ඇති බව උරස් හා උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම්, හෘද උරස් විශේෂඥ වෛද්‍ය නාලක දිසානායක පවසනවා. ඔහු මේ පිළිපිළිබඳව පවසා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදීයි. මීට පෙර හෘද සැත්මක් සඳහා පැමිණෙන්නේ වයස අවුරුදු 60-70ත් අතර වයස්වල පසුවන වැඩිහිටි පිරිස් වුවත් වර්තමානය වන විට වයස […]
මාලිගාවත්තේ ගින්නක්

කොළඹ 10, මාලිගාවත්ත ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. වාහන අමතර කොටස් අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා. ගින්න පාලනය කිරීමට කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 03ක් යොදවා තිබු අතර මේ වන විට ගින්න පාලනය කර තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
කොළඹ නගර සභාවේ සල්ලි පෙට්ටියේ යතුර විපක්ෂය අතට

කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුව සඳහා සාමාජිකයන් පත්කර ගැනීමේ ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කළ සාමාජිකයින් පස්දෙනා තේරී පත්වී තිබෙනවා. මුදල් කමිටුව සඳහා සාමාජිකයන් පත්කර ගැනීමේ ඡන්ද ඊයේ (14) පැවති අතර පාලන බලය හිමි ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කළ සියලු අපේක්ෂකයන් පරාජයට පත් වී තිබුණා. ඒ අනුව අනුර සුජීව, රෝයි බෝගහවත්ත, තරංග […]
කලාඔය පාලම මතදී සැඩ පහරට හසුවූ බස් රථයේ රියැදුරාට මිනී මැරුම් චෝදනා

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් එම බස් රථයේ රියැදුරා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු […]
“සොබාදහම සමඟ ගැඹුරින් බැඳුණු තෛපොංගල් උත්සවය ජීවිතවලට මහඟු අරුතක් එක්කරයි”

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. සිය පණිවිඩය මගින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවක් බවය. මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව, ජාතියක් […]