“මාව හිරේ දානවා කියලා කිව්වනේ.. මම මේ බලන් ඉන්නේ”

වර්තමාන ආණ්ඩුවේ වංචා, දූෂණ වසා ගැනීම සඳහා තමන්ව අධිකරණයට කැදෙව්වාට කිසිදු ප්‍රයෝජනයක් ආණ්ඩුවට අත් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා . ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව වසා ගැනීමට, කන්ටේනර් කොළඹ වරායෙන් පැන්නීම වසා ගැනීමට අපිව අධිකරණයට කැදවලා ඵලක් වෙන්නෙ නැහැ යනුවෙන් ද නාමල් රාජපක්ෂ පැවසුවා. ඔහු මේ […]
කෙහෙළියගේ මුදල් විශුද්ධිකරණයට ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණ වරදට ආධාර හා අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් 748,000,000 (කෝටි 7.48)ක මුදල් සෘජුව හෝ වක්‍රව නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලද්ද වූ මුදල් විශුද්ධිකරණය කිරීමේ දී, තමාට හිමි නොවන මුදලක් බව දැන දැනම රුපියල් 30,000,000(කෝටි 3)ක […]
ලංවිම සේවකයන්ට විශේෂ දැනුම්දීමක්

ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අවශ්‍ය නම් එළැඹෙන 30 වනදාට හෝ ඊට පෙර නැවත එම අයදුම්පත් ඉවත් කර ගැනීමට ඉල්ලුම් කළ හැකි බව දැනුම් දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාණ්‍යාධිකාරි ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා මේ බව අදාළ සේවකයින්ට දැනුම් දී තිබුණා. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් […]
“ශ්‍රී ලංකාව තුළ නිපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවමයි..”

ශ්‍රී ලංකාව තුළ ‘නිපා’ වෛරසය පැතිරීමේ අවදානම වර්තමානයේදී ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ‘නිපා’ වෛරසය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත. එහි සඳහන් කර ඇත්තේ මෑත කාලයේදී ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් ‘නිපා’ වෛරස ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනාගෙන […]
කතෝලික පියතුමාට පහරදුන් පොලිස් නිලධාරින් හයදෙනාට ඇප

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනා ඇපමත මුදා හැර තිබේ. ඒ, ඊට අදාළ නඩුව අද (29) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය. එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපමත මුදහැරීමට ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. සැකකාර පොලිස් […]
ප්‍රවීණ සිනමාවේදී සේන සමරසිංහ දිවි ගමනට සමුදෙයි

සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් සඳහා දායක වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 89 වන වියේ පසුවුණි. 1937 නොවැම්බර් මස 25 වැනි දින කෑගල්ලේ ප්‍රදේශයේ රන්දෙණිය ග්‍රාමයේ උපත ලැබූ නන්දසේන සමරසිංහ මහතා කලා ලොව සේන සමරසිංහ නමින් ප්‍රසිද්ධියට පත්වූ අතර, ඔහු ජනප්‍රිය චිත්‍රපටි නළුවෙකු වන බන්දු […]
“කවුරුවත් බලහත්කාරයෙන් රාජ්‍ය සේවයට අරගෙන නැහැ.. ආවානම් වැඩකරන්න එච්චරයි..”

රාජ්‍ය සේවකයින් බලහත්කාරයෙන් රාජ්‍ය සේවාවට ඇතුළු කර නොගත් බවත්, තම කැමැත්ත මත පමණක් රාජ්‍ය සේවයට ඇතුල් වීමට අවස්ථාව ලැබී ඇති බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, පෙරේදා (27) කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින්. […]
සජබ විරෝධය මැද පුද්ගලයෙක්ට පහරදුන් මන්ත්‍රී අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර මධ්‍යයේ අද (28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා. මාර්ගයේ ගමන් කරමින් සිටි පහරකෑ පුද්ගලයා […]
ළමුන්ට සමාජ මාධ්‍ය සීමා කරන්න රජයෙන් සැලසුම්

වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවයි. වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් […]
කථානායක තනතුරෙන් ඉල්ලා අස්වෙයිද?

නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා, මහරගම ආසනයේ වත්තේගෙදර කොට්ඨාශ සංවිධායක නිරෝෂ් සෙල්ලහේවා මහතා හා පක්ෂ ක්‍රියාකාරි ප්‍රකාෂ් සඳරුවන් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තොරතුරු දැන ගැනීමේ පනතේ විධි විධාන ප්‍රකාරව යළිත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ තොරතුරු විමසමින් ලිපයක් භාර දී ඇත. එම අවස්ථාවේදී අදහස් දැක් වු දිනේෂ් අබේකෝන් මහතා, […]